Friday, October 3, 2014



අද අරගෙන එන්නේ බොලිවුඩ් ක්‍රියාදාම සහ ත්‍රාසය පිරිපුන් චිත්‍රපටියක්. අටුවාටිකා නම් ලියන්න ඕනේ නැති වෙයි, මොකද බොලිවුඩ් රසිකයෝ හැමෝම මේ චිත්‍රපටය ගැන දන්න නිසා. ඉතින් දැන් මම කියන්න හදන්නේ ඔයාලා ඒ දන්න චිත්‍රපටිය ගැන නොදන්නා කථා ටිකක් තමයි මේ කියන්න හදන්නේ. ඉන්දියානු රු. බිලියනයක් නැතිනම් ඇමරිකානු ඩොලර් මිලියන 16 ක බරපැණ දරා නිපදවන ලද මේ චිත්‍රපටිය 2009 දී මේ නමින්ම තිරගත වුණු තෙලිගු චිත්‍රපටියේ නැවත නිපැයුමක්. ඉතින් එහෙම වුනා කියලා මේ චිත්‍රපටිය ඒකෙ නිෂ්පාදන වියදම අපතේ යන්න නම් දීලා නෑ. මොකද මේ චිත්‍රපටිය මේ වන විට ඉන්දියානු රු, බිලියන 3.8 ක් නැත්නම් ඇමරිකානු ඩොලර් මිලියන 62 ක් උපයගෙන ආදායම් වාර්ථා රැසක් පිහිටවපු නිසා. ලෝකය පුරා තිරගත කොට ඉන්දියානු රු. කෝටි 395ක අදායමක් ලබා ගනිමින් ඒ අංශයෙන් තුන් වන තැන අරගනිද්දී ඉන්දියාවේ තිරගත කොට ඉන්දියානු රු.කෝටි 213 ක් ලබා ගනිමින් ඒ අංශයෙන් දෙවන තැනට එන්න මේ සළරුව සමත් වුණා. ඒවගේම Sajid Nadiadwala කියන කෙනා බොහොම මෑතකදී තිරගත වුනු Heropanti, 2 States, Highway වගේ චිත්‍රපටි වලට නිෂ්පාදන බර පැන දැරුවත් අධ්‍යක්ෂවරයෙක් විදියට මේ ඔහුගේ පළමු වෑයම.
ඉතින් මේ චිත්‍රපටිය අපිටත් ටිකක් වැදගත්. මොකද අපේ කියන නමකුත් මේකට ඈඳිලා තියන නිසා. ඒ තමයි ජැක්ලීන් ෆ්නෑන්ඩසන් කියන නිළිය. ඒ වගේම ඇය සමඟ රංගනයට දායක වෙලා තියෙන්නේ බොලිවුඩයේ ඉහළින්ම වැජඹෙන ඛාන් තුන් කට්ටුවේ එක නමක් වන සල්මන් ඛාන්.ඉතින් මේ දෙපල විසින් මේ චිත්‍රපටිය තිරගත වෙන කාලය අතරතුර මවපු කතා නිසාද මන්දා මේකට තවත් ප්‍රසිද්ධිය වැඩි වුණා.
ඉතින් මේ කතාවේ එන විදියට ශයිනා (ජැක්ලීන්) පෝලන්තයේ ජීවත් වන මනො චිකිත්සිකාවක්. ඉතින් ඇයගේ තාත්තා විසින් රැගෙන එන යෝජනාවක් අනුව හිමන්ශු ත්‍යාගි (රන්දීප් හූඩා) මේ දෙන්නා දුම්රියකදී මුණගැහෙනවා. එතනදී තමයි ඇය හිමන්ශුට අයගේ කලින් පෙම්වතා වන දේවි ලාල් සින්ග් (සල්මන්) ගැන කියන්නේ. දේවි කියන්නේ ගොඩක් බුද්ධිමත්, ඕනෙම වැඩක් පුළුවන් ඒත් රණ්ඩු වලට බර දඟකාර තරුණයෙක්. ඔහුට ඕනේ නිතරම “කික් එකක්-නව පණක්” නැත්නම් මොනවහරි අලුත් දෙයක් කරන්න. ඉතින් ඔහු මේ වන විට සමාගම් 32 ක වැඩ කරපු තරුණයෙක්. ඉතින් ශයිනා ඇයගේ යාලුවට පැනලා යන්න උදව් කරන්න හදද්දී තමයි දේවි මුණගැහෙන්නේ, මොකද දේවිගේ යාළුවා එක්ක තමයි ශයිනාගේ යාලුවා පැනලා යන්න හදන්නේ. ඉතින් දේවි මේ දෙන්නා බන්දන්න දේවාලෙකට එක්කගෙන යනගමන් පොඩි කික් එක්කටත් එක්ක කියලා ඇයගේ අම්මටත් දේවාලෙට එන්න පාර හදලා දෙනවා. ඒත් ඉතින් අපේ කතා නායිකාව නම් දේවි කරන මේ වැඩ වලට වැඩි කැමැත්තක් පෙන්නන්නේ නෑ. ඉතින් ඇය කරන්නේ ඩේවි පොලීසියට අල්ලලා දෙන්න ප්ලෑන් එකක් හදන එක. ඔන්න එහෙනම් ඔයාලට බාරයි ඉතුරු ටික……..ජයවේවා!!

“ ‘කික් එකක්’ නැති ජීවිතය, විවරය ඇති තැන දන්නා එහෙත් ගොඩ එන හැටි නොදන්නා වළක් මෙන් වනු ඇත”

 සිංහල උපසිරැසි මෙතැනින් ගන්න. 

 

Thursday, October 2, 2014



පුර්ව ප්‍රචාරක පටය -
                                  
                                            


700MB DVDRIP ඩිරෙක්ට් ලින්කුව
                                   
                මෙතැනින් ගන්න.  


                                 
















                             











         

Tuesday, September 30, 2014



පුර්ව ප්‍රචාරක පටය -



700MB ඩිරෙක්ට් ලින්කුව - 
                                මෙතැනින් ගන්න.
















Monday, September 29, 2014


කොහොමද ඉතිං කට්ටිය. ඔන්න ටික දවසකට නිහැඬියාවකට පස්සෙ අපි හැමෝම වගේ බලාගෙන උන්නු සුපිරි හින්දි සලරුවක් තමයි අරගෙන එන්න හදන්නේ. මේ ෆිල්ම් එක නිකුත් වුණේ අගෝස්තු 15 වැනිදා. ඒ කියන්නේ ඉන්දියාවේ නිදහස් දවසේ නිකුත් වුන සිනමා සිත්තම ගැන තමයි ඔයාලට කියන්නේ. Singham (2011) විදියට මේකේ පළමු දිගහැරුම නිකුත් උණා ඔයාලට මතක ඇතිනේ. පළමු එකේ වගේම දෙවෙනි එකෙත් සිංගම් හැටියට රඟපාන්නේ සුපිරි නළු අජේ දේව්ගන්. හැබැයි පළමු සිනමාපටයේ කාව්‍යා වෙනුවෙන් දායක වුනු කාජල් අග්‍රවාල් වෙනුවට මේ පාර කරීනා කපූර් තමයි අව්නි කියන නිලි චරිතයට පණ දෙන්නේ. Chennai Express වලින් පස්සේ Rohit Shetty ගේ පළමු අධ්‍යක්‍ෂණය වන්නේ මේ සිනමාපටයයි.
දැන් දැන් හින්දි ෆිල්ම් වල හොඳ කොපි ඉක්මණට එනවා කියලා මට හිතෙනවා. අනේ මංදා අපිට ගෙදර ඉදන් සිංහල එක්ක බලන්න පුළුවන් නම් වෙන මොනවද නේද? :lol:   :-D ඒ ආපු හැටියෙම අපි ඔයාලා වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙන එනවා කියලා දන්නවනේ ඉතිං.
කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් සිංගම් කියන්නේ වෙනදා වගේම පොලිසියේ සුපිරි වැඩ්ඩේක්, මෙයාට පැවරිලා තියෙන රාජකාරිය තමයි මුම්බායි නගරයේ ආරක්‍ෂාව ගැන බලන එක. ඊට අමතරව නීතිවිරෝධී මුදල් ගණුදෙනු ගැනත් හොයන්න වෙනවා. නමුත් දේශපාලනය මේ අතරට එන නිසා මෙයාට හිතන තරම් මේ වැඩ කරගෙන යන්න පහසු වෙන්නේ නැහැ. ගුරුජි කියන්නේ අවංක දේශපාලකයෙක්. නමුත් බාබා සහ ප්‍රකාෂ් රාඕ එහෙම නැහැ, දුෂිතයි. වංචනික විදියට මුදල් හොයලා ඒ සල්ලි මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් යොදවනවා.  සිංගම් විවාහ වෙන්න ඉන්නෙ අව්නි එක්ක, ඒකත් පිස්සු ආදරයක් එක අතකින් බලනකොට. ඔයාලම බලන්නකෝ ඒ මොකද කියලා??
සිංගම් එක්ක වැඩ කරන කොස්තාපල් මහේෂ් ජාදෙව් මේ දේශපාලන ක්‍රියාකාරකම් නිසා ඝාතනයට ලක් වෙනවා. ඒ වගේම ගුරුජි වත් මරනවා. දැන් සිංගම්ට ඕනේ වෙලා තියෙන්නේ මේ දේවල් වලින් පළිගන්න. හිතා ගන්න පුළුවන්නේ සිංගම් ට තරහා ගියාම සද්දේ කොහොමද කියලා. නේද? ඇති නෙහ් කතාව. ඉතුරු ටික ඔයාලම බලන්න එහෙනම්.තවත් එකක් අරගෙන එනකම් දැනට සමු ගන්නවා, සුබ දවසක්!!!!

පුර්ව ප්‍රචාරක පටය සිංහලෙන් ;


ඩිරෙක්ට් ලින්කු පහතින්.




                       
              සිංහල උපසිරැසි  මෙතැනින් ගන්න. 


 

Sunday, September 28, 2014



පුර්ව ප්‍රචාරක පටය..  සිංහල උපසිරැසි සමඟ..

  
                                              


www.firedrive.com ඩිරෙක්ට් ලින්කුව මෙතැනින් ගන්න..

700MB -   ඩිරෙක්ට් ලින්කුව...


Thursday, September 25, 2014



Shailene Woodley රඟන නවතම ෆිල්ම් එකේ  HDRIP  එකක් අද නිකුත් වුණා. 

පුර්ව ප්‍රචාරක පටය මෙතැනින් බලන්න.

                               

520 MB ඩිරෙක්ට් ලින්කුව  මෙතැනින් ගන්න.




 

Saturday, September 20, 2014



ඔන්න දවස් කිහිපයකට පස්සේ තවත් එකක් අරගෙන එන්නයි හදන්නේ. කරනවා කියලා අරගෙන නම් දැන් දවස් කිහිපයක් වෙනවා. නමුත් වැඩ රාජකාරි නිසා ඉක්මණට දෙන්න බැරි උණා. ඒකට සමාවෙන්න ඕනේ ඉතිං.. මේක නිකුත් වුණේ අගෝස්තු 15 වැනිදා. IMDb එකට අනුව 6.8 ක් ලැබිලා තියෙනවා. Phillip Noyce ගෙන් අධ්‍යක්ෂණය.

මුලින්ම කියන්න ඕනේ මේ ෆිල්ම් එක බලපු කිහිප දෙනෙක් මට කිව්වා අපෝ වැඩක් නැහැ කියලා… මම නම් ඒ මතය විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒ එයාලට මේ ෆිල්ම් එක තේරුනේ නැති නිසා තමයි එහෙම කියන්නේ. කල්පනාවෙන් සංවේදීව බලන්න ඕනේ. ඇක්ෂන් ෆිල්ම් බලන අය නම් නොබැලුවට කමක් නැහැ, මොකද ඒ අය බලාපොරොත්තු වෙන කලබලකාරී බව මේකේ නැති නිසා. නමුත් ඇත්තටම මේ ජිවිතේ මොකක්ද කියන දේ තේරුම් ගන්න ගොඩක් වැදගත් වෙන සලරුවක් තමයි මේක.

මොනවද මේ හැඟීම් දැනීම් කියන්නේ. මේ දේවල් ඇති වෙන්නේ කොහොමද? පොඩ්ඩක් හිතලා බලන්න. අපි ඉපදුන මොහොතේ ඉඳලා ලැබෙන අත්දැකීම් වලින් නේද මෙව්වා ලැබෙන්නේ. මොහොතක් හිතන්න ඒ ලැබෙන දැනෙන දේවල් අපි අපේ මොලේ රඳවා ගන්නවා. ඒ නැවත පාවිච්චිය සඳහා, එතකොට ඒක අළුත් දෙයක් වෙන්නේ නැහැ. අළුතෙන්ම තේරුම් ගන්න ඕනේ නැහැ මොකද අපි ඒ ගැන කලින් දන්නා නිසා. දැන් හිතන්න බලන්න ඒ පරණ මතකයන් නැති උණොත් මොනවා වෙයි ද? හිතා ගන්නත් බැහැ නේද? දෙමව්පියන් ඥාතින් වගේ ලඟින් හිටි අය.. ආදරය සෙනෙහස වගේ හැඟීම් කියන්න බැරි තරම් අනන්ත දේවල් තියෙනවා. අපේ මුළු ජිවිතයම රැදිලා තියෙන්නේ මේ මතකයන් එක්ක තමයි..

හරි මේ කතාව දිග හැරෙන්නේ මෙහෙම මතකයන් නැති කල ප්‍රජාවක් ඉන්න ලෝකයක් ගැන.. ඉපදුන දා ඉඳන්ම දරුවන්ව එයාලගේ වෘත්තීය ගැන තමයි අවධානය යොමු කරන්නේ, ඒ කියන්නේ වැඩ කරන සමාජයක්. මේකේ ජෝනාස්, ෆියෝනා සහ ඈෂර් කියලා හොඳම යාළුවො තුන් දෙනෙක් ඉන්නවා. “සදාකාලික මිතුරන්” මෙයාලා තුන් දෙනාට වෙනස්ම රැකියා තුනක් ලැබෙන්නේ. ෆියෝනා දරුවන් බලා ගන්නියක්. ඈෂර් ගුවන් නියමුවෙක්. ජෝනාස් ට ලැබෙන්නේ ඒ සමාජයේ ලැබෙන්න ඕනේ හොඳම වෘත්තීය. එයාට තියෙන්නේ අනිත් හැමෝගෙන මතකය ගබඩා කරගෙන තියා ගන්න. කොහොමද වැඩේ.. ගිවර් තමයි මේක කලින් කරලා තියෙන්නේ, එයා දැන් වයස නිසා නව කෙනෙක්ට අවස්තාව ලැබිලා.

මේ සමාජයේ ජිවත් වෙන කිසිම කෙනෙක්ට මතකයන් නැහැ. ඒක කරන්නේ එන්නත් මාර්ගයෙන්. නමුත් ජෝනාස් මේ එන්නත් ගැනීම හොරෙන් නතර කරනවා. ඒ වගේම එයාගේ යාළුවා ෆියානා ටත් කියලා දෙනවා. ඒ නිසා ඔවුන්ට හැඟීම් දැනීම් දැනෙන්න පටන් ගන්නවා. එයාලා මේ නිසා තේරුම් ගන්නවා ජිවිතේ කියන්නේ මේක නෙමේ මෙතන වෙන දෙයක් තියෙනවා කියලා. මෙයාලා සෑබැ ජීවිතය මොකක්ද කියලා හොයාගෙන යන වෙහෙසකර ගමනක් ගැන තමයි මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ.

අද නම් කියෙව්වා වැඩියි ද මංදා.. ඒත් කමක් නැහැ හිතට දැනුණු සලරුවක් නිසා ටිකක් වැඩිය දන්නෙම නැතුව කියෙව්වා. අනිවා හැමෝම බලන්න. මම කියන දේ මොකක් ද කියල… එහෙනම් මම දැනට ගියා, හැමෝටම සුබ දවසක්!!!! 
පුර්ව ප්‍රචාරක පටය මෙතැනින් ගන්න.
     
සිංහල උපසිරැසි මෙතැනින්  ගන්න.


 

Tuesday, September 16, 2014


මෙවර නම් ඔයාලට අරගෙන එන්න හදන්නේ ජපන් සලරුවක්.. නිකුත් වෙලා තියෙන්නේ පෙබරවාරි පළමු වැනිදා.. IMDb එකට අනුව 7.1 ක අගයක් ලැබිලා තියෙනවා.   Action | Crime  එකක්. පැය දෙක හමාරකට ආසන්න කාලයක් තියෙනවා. කියන්න ඕනේ ලේ දකින්න අකමැති, මිනිස්සුන්ව මස් කරනවා දකින්න අකමැති, මිනී මස් කනවා දකින්න අකමැති අය නොබැලුවොත් නම් තමයි හොඳ. නැත්නම් පස්සේ දොස් කියන්න එපා ඔන්න. 

ඝාතකයෙක්.. අමානුෂික ඝාතකයෙක්.. නොමුරා තමයි නම. ඒ විතරක් නම් කමක් නැහැ. පාරේ ඉන්න කෙල්ලෝ එක්කන් ඇවිත් පොලු මිටි වලින් ගහලා මරණවා විතරක් නෙමේ මේ දේවල් වීඩියෝ කරලා අන්තර්ජාල යට දානවා. මේකේ අරමුණ වෙන්නේ අනුගාමිකයන් එකතු කරගන්න. ඒ වගේම ඒකට අහු වෙන අයත් නැතුවා නොවෙයි.. බයු කියන්නේ ඒ වගේ කෙනෙක්. ඔහු මාධ්‍යවේදීයෙක්.. බිරිඳක් වගේම දුවෙකුත් ඉන්නවා. ඔහු ධර්මා කියලා රටේම ප්‍රසිද්ධ දාමරිකයෙක් එක්ක තරහින් ඉන්නේ. ඒ නිසා මෙයා නොමුරා ගේ වීඩියෝ බලනවා මිනිස්සුන්ට වධහිංසා කරන හැටි බලන්න. පස්සේ ඔහු එක්ක චැට් කරනවා. නොමුරා බයුව තවත් පොළඹවනවා.
මේ අතරේ නොමුරා තවත් කෙල්ලෝ දඩයමේ යනකොට මල් කඩයක් කරන හසී ක්වාරා කියලා ලස්සණ කෙල්ලෙක් මුණ ගැහෙනවා. හැබැයි හසී ව මරණ්න හිතන්නේ නැහැ. මොකද මේ අමනුෂ්‍යයාට ආදරයක් ඇති වෙලාද මංදා?  ඒ විතරක් නෙමේ හසී ගේ පොඩි මල්ලිටත් මෙයා කෘරකම් කරන්න පුරුදු කරනවා.  කෙනෙක්ව පොළඹවා ගන්න හොඳ හැකියාවක් තියෙනවා.

හරි ඔයාලට කතාව ගැන පොඩි අවබෝධයක් ගන්න පුළුවන් උණා කියලා හිතෙනවා. දරුණු ගැටුම් ඇති වෙනවා අන්තිම වෙනකොට නම්. මේ වගේ ෆිල්ම් බලන්න කැමති අය විතරක් බලන්න එහෙනම්. තවත් එකක් අරගෙන එනකම් දැනට ගියා ඔන්න, සුබ දවසක් හැමෝටම!!!!

පුර්ව ප්‍රචාරක පටය..


සිංහල උපසිරැසි මෙතැනින් ගන්න.

මේ ඩිරෙක්ට් ලින්කුවෙන් ෆිල්ම් එක ගන්න.



කොහොමද ඉතිං කට්ටිය, මගේ පලවෙනි කතාමාලාව Tyrant (Season 01) එකෙන් පස්සේ සුපුරුදු පරිදි ෆිලුම් එකක් අරන් එන්නයි මේ හදන්නේ. මුලින්ම කියන්න ඕනේ කතා මාලාව වෙනුවෙන් ඔයාලා දැක්වූ අදහස් වලට වගේම මට සුබ පැතු ඔයාලා ඔක්කොටොම ස්තුතියි කියලා.
අද මම අරගෙන එන ස්නයිපර් චිත්‍රපට මාලාවේ නවම නිකුතුව. කලින් එව්වා බලල නැත්නම් සිංහල උපසිරැසි ලබා දීලා තියෙන Sniper (1993), Sniper  Reloaded (2011) දෙකම බලන්නකෝ.. Don Michael Paul ගේ අධ්‍යක්ෂනයක්.. කලින් ස්නයිපර් ෆිල්ම් වල හිටිය Tom Berenger එහෙමත් ඉන්නවා ඔන්න.කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්…
ස්නයිපර් භට කණ්ඩායමකට මෙහෙයුමක් ලැබෙනවා සිරියාවේ ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අවි ගණුදෙනුකරුවන් නතර කරන්න. මේ කණ්ඩායම් වලට කලින් ස්නයිපර් බලාකායේ හිටිය කෙනෙක් සම්බන්ධයි. ඒක නිසා, මෙයා කලින් ඔහුගේ කණ්ඩායමේ උන්නු ඔක්කොම ස්නයිපර් වරුන්ව ඝාතනය කරලා තියෙනවා. තෝමස් බෙකට් කියන්නේ ඒ කෙනෙක් තමයි, එයාගේ පුතා බ්‍රෙන්ඩන් බෙකට් තමයි දැන් ස්නයිපර් කෙනෙක් හැටියට වැඩ කරන්නේ. නමුත් බ්‍රෙන්ඩන් ව මේ මෙහෙයුම සඳහා එකතු කරගන්නේ නැහැ. තාත්තාව මරපු පලිය ගන්න මේක ඔහුගේ පෞද්ගලික මෙහෙයුමක් කරගනීවි කියලා. නමුත් බ්‍රෙන්ඩන් කාටත් හොර රහසේ මේකට එකතු වෙනවා.ඇක්ෂන් ෆිල්ම් බලන්න කැමති කස්ටියට ඔන්න බලන්න කියනවා.
හරි ඇති නෙහ්, ඔක්කොම කිව්වොත් වැඩක් නැහැනේ, අදට එහෙනම් නතර වෙන්නම්. ඔයාලා කලින් පොස්ට් එකේදී අදහස් දක්වලා තිබුණු විදියට තවත් රුපවාහිනී කතා මාලාවක් එකවර ලබා දෙන්න හිතන් ඉන්නවා. නමුත් තෝරාගෙන නැති නිසා ඔයාලා වෙනදා වගේම උදව් කරයි කියලා හිතනවා ඔන්න. එහෙනම් අපි ගියා, සුබ දවසක් හැමෝටම!!!! 

පුර්ව ප්‍රචාරක පටය බලලම ඉන්නකෝ..

                            
                           
 සිංහල උපසිරැසි මෙතැනින් ගන්න එහෙනම්.












ඔන්න මම තවත් එකක් අරගෙන එන්නයි මේ හදන්නේ. මේක නම් කරන්නම් කියලා අරගෙන දැන් සති ගාණක් වෙනවා මම හිතන්නේ. Steven Seagal ගැන ඇක්ෂන් ෆිල්ම් බලන අපේ යාළුවො දන්නවනේ. මෙයා ගැන කියනවා නම් 1990 ගණන් වල මෙයාගේ ෆිල්ම් තරම් දැන් එන එව්වා හොඳ නැහැ කියලා කියන්න වෙනවා. හේතුව තමයි අඩු වියදම් නිර්මාණ වීම. මේ ෆිල්ම් එක නම් ළඟදි ආව අනිත් එව්වා තරම් නරක නැහැ. ඒක ඔයාලට පොඩ්ඩක් බලනකොට දැනගන්න පුළුවන් වේවි. Seagal ගේ සටන් කලාවේ සුපිරි සටන් වගයක් තියෙනවා. නිකුත් වෙලා තියෙන්නේ පසුගිය අගෝස්තු මාසයේ.
කතාව ගැන වදනක් කියනවා නම් එහෙම. මිස්ටර් චෙන් සහ වල්ඩමීර් එකතු වෙලා කූට ව්‍යාපාර කරගෙන යනවා. සාෂා කියන්නේ කලින් ඇමෙරිකානු සෙබළෙක්. ලෙනා සහ මියා කියන්නේ ඔහුගේ නංගිලා දෙන්න. මොවුන්ගේ තාත්තා මේ කල්ලියට ණය ගෙවන්න තියෙද්දී මැරෙනවා, ඒ නිසා ලෙනා ට ඒ වෙනුවෙන් ඔවුන්ට වැඩ කරන්න වෙනවා. ලෙනා ගේ උදව්වට තමයි සාෂා හමුදාව අතෑරලා එන්නේ. ඇලෙක්සැන්ඩර් කියන්නේ මෙයාලගේ අසල්වැසියා. වෘත්තිය ඝාතකයෙක්. ඔහු චෙන් පස්සේ තමයි එළවාගෙන එන්නේ. ඒක තමයි ඔහුගේ මෙහෙයුම වෙන්නේ. ඔහුට මේ ලෙනා ගේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න වෙනවා. ක්‍රියාදාම පැහැර ගැනීම් ආදරය සහ කාමය මුසු වූ සලරුවක්.
කියන්න ඕනේ මේක වැඩිහිටි අය පමණක් බැලුවොත් තමයි වඩාත් හොඳ වෙන්නේ ඔන්න. :P :P :P එහෙනම් දැනට යනවා. පස්සේ එන්නම්කෝ තවත් එකක් උස්සගෙන.!!!! :) :) :) 



පුර්ව ප්‍රචාරක පටය බලලම ඉන්න.

                           

සිංහල උපසිරැසි මෙතැනින් ගන්න.












කස්ටිය හොඳින් ඉන්නවා නෙහ්.. ඔන්න එහෙනම් අද උදේ හොඳ කොපියක් නිකුත් වූ මැයි 23 වැනිදා තිරගතවීම ඇරඹු සලරුවක උපසිරැසියත් එක්ක තමයි මම මේ ගොඩ වදින්නේ. මේකත් මිට කලින් දුන්නා වගේ Crime | Thriller එකක්. IMDb එකට අනුව මේකට 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. ඔයාලා ගොඩක් අය පිස්සුවෙන් වගේ බැලුව Dexter කතා මාලාවේ උන්නු Michael C. Hall එහෙමත් ඉන්නවා ඔන්න.
කතාව ගැන කියනවා නම්, තාත්තා රිචඩ් අම්මා ඈන් සහ පොඩි දරුවෙක් ඉන්න පවුලක් ඉන්නවා. දවසක් මහ රෑ මනුස්සයෙක් ගෙට රිංගනවා. රිචඩ් ඔහුට වෙඩි තියලා මරණවා, ඔතනින් තමයි පටන් ගන්නේ. ඒ මැරුණු කෙනාගේ තාත්තා කියලා කියන්නේ බෙන්. ඔහු රිචඩ් පස්සේ පන්නවා. නමුත් ඇත්තටම මැරිලා තියෙන්නේ බෙන් ගේ පුතා නෙමේ, මේක පොලිසිය විසින් බෙන් ව කොටු කරගන්න හදන කුමන්ත්‍රණයක් කියලා මෙයාලට පැහැදිලි වෙනවා. පස්සේ රිචඩ් හා බෙන් එකතු වෙලා පොලිසියේ මේ රහස් වැඩේ ගැන හොයන්න පටන් ගන්නවා. බෙන් අවුරුදු ගානකින් දැකලා නැති තමන්ගේ පුතා හොයන වැඩේට ඔහුගේ මිතුරෙක් වුන ජිම් ගෙන් උදව් ගන්නවා. ඔය ඇති නෙහ්…
එහෙනම් අවසානයේ මොකෝ වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ..දැනට සමු ගන්නවා එහෙනම්. ඉක්මණට තවත් එකක් අරගෙන එන්නම්. සුබ දවසක්.!!!

පුර්ව ප්‍රචාරක පටය බලලම ඉන්න.

                                    


 සිංහල උපසිරැසි මෙතැනින් ගන්න.


 
Subscribe to RSS Feed Follow me on Twitter!