Tuesday, December 10, 2013



ඔන්න මම එක පිටම තවත් සුපිරි හින්දි ෆිල්ම් එකක් අරන් ආවා.හැමෝම කාලයක් තිස්සේ බලන් හිටිය එකක් මේක.. නිකුත් වෙලා තියෙන්නේ පසුගිය ඔක්තෝම්බර් 16 වැනිදා. Action | Comedy කාණ්ඩ වලට තමයි දාලා තියෙන්නේ. බොලිවුඩ් වල සුපිරි නළුවෙක් වන Akshay Kumar තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ, එහෙනම් ඉතිං ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නැහැනේ නේද?? Anthony D’Souza ගෙන් තමයි අධ්‍යක්‍ෂණ දායකත්වය.
මෙන්න මෙහෙමයි කතාව තියෙන්නේ, සත්‍යඛාන්ට් ශාස්ත්‍රී කියන්නේ කීර්තිමත් ගුරුවරයෙක්. එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ශිව්, සුර්යා තමයි ඒ දෙන්නා. සුර්යා කියන්නේ අයියා. එයා පොඩිකාලේදී එයාගේ තාත්තට අගෞරව කළා කියලා පාසැලේ ළමයෙක් එක්ක ගැටුමක් ඇති කර ගන්නවා. මේක දුරදිග ගිහිල්ලා,අන්තිමට සුර්යා මේ ළමයව මරනවා. ඒ නිසා අවුරුදු තුනක් හිරේ ගෙවන්න සිදුවෙනවා. පස්සේ එළියට ඇවිල්ලත් ප්‍රශ්ණ ඇතිකරගන්න නිසා සත්‍යඛාන්ට් මෙයාව ගෙදරින් පන්නනවා. පස්සේ ගෙවල් අතැරලා සුර්යා දිල්ලි වලට යනවා. දිල්ලි වලදී තාවුජි කියලා කුළියට මිනිමරණ දාමරිකයෙක් හමුවෙනවා. පස්සේ එතැන ඉදලා තමයි සුර්යා “බොස්” බවට පත්වෙන්නේ. වසර ගණනාවක් ගෙවිලා යනවා.
ශිව් ලොකු වෙලා දිල්ලි වල ඉන්න පොලිසියේ වැඩකරන එයාගේ මාමා ලඟට යනවා. එහෙදි තමයි ශිව්ට අන්කිතා ව මුණ ගැහෙන්නේ. ශිව්ට හිරේට යන්න වෙනවා. දිල්ලි වල ඉන්න ACP තමයි අයිශ්මාන් තාකුර් කියන්නේ, එයාගේ නංගිතමයි අන්කිතා කියන්නේ, එයා දුෂිත නිලධාරියෙක්. පුදුම සිද්ධියක් නිසා දිල්ලි වලදී බොස්ට තමන්ගේ මල්ලිව මුණ ගැසෙනවා. සත්‍යඛාන්ට්ට තමන් ගෙදරින් පන්නපු ලොකු පුතා ලඟට අන්තිමට එන්න වෙනවා, ඒ එයාගෙ පොඩි පුතා ශිව්ව බේරා ගන්න කියලා ඉල්ලීමක් කරන්න.
මම හිතන්නේ මම කතාව ගැන කිව්වා ඇති, මොකද ඔයාලටත් බලන්න දෙයක් ඉතුරු කරන්න එපැයි. කතාවේ කුතුහලය තියා ගන්න නිසා මම කලින් බොරුවකුත් කිව්වා, ඒක ඔයාලට ෆිල්ම් එක අවසාන වෙනකොට දැන ගන්න ඇහැකි වේවි.

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!