හැමෝටම ආයුබෝවන්..සුපිරි වැඩ කරුවන් දෙදෙනෙකුගේ සුපිරි වික්‍රමයක් ගැනයි මන් දැන් කියන්න යන්නෙ..ඒ දෙන්න තමයි අපි හැමෝම දන්න ආනෝල්ඩ් සහ ස්ටැලොන්..ඔන්න දෙන්න අලුත් ම ෆිල්ම් එකකට අත ගහල..මේකෙ නම තමයි ESCAPE PLAN..මේ දෙන්න එකට රඟපාන The Expendables 2 මේ අවුරුද්දෙ මුලදි බැලුවා අපේ යාළුවන්ට මතක අතිනෙ..ආ තව එකක් The Expendables ෆිල්ම් සෙට් එකේ තුන් වන කොටසකුත් නිෂ්පාදනය කරන්න වැඩ පටන් ගන්න කියල නම් ආරංචියි.
කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්..හැබැයි මේපාර ලොකු ලොකු ආයුධ සුපිරි වාහන ඒ එකක්වත් නෑ.ඇයි කියන්නෙ මේ පාර දෙන්නම හිරේනෙ ඉන්නෙ. හිරේ කිව්වට මේක සුපිරි හිරගෙයක්.ලෝකෙ තියෙන හොඳම හිර ගේ කිව්වොත් මම වැරදි නැ.මේ වතාවෙ වැඩ පෙන්නන්නට වෙන්නේ මොලේ පාවිච්චි කොරල තමයි..
මෙය 2013 ඔක්තෝබර් 18 වන්දා සිට ඇමෙරිකාව තුළ තිරගතවීම ආරම්භ වෙනවා..
ලෝකයේ ව්‍යූහ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් සිටින හොඳම විශේෂඥයා තමයි stallone..ඔහු තමන්ගෙ අවසානම කටයුත්ත හැටියට භාරගන්නෙ කිසිසේත්ම පැන යා නොහැකි වන පරිදි රහස්‍ය සිර ගෙයක් සැලසුම් කිරීම. ඒක එසේ මෙසේ prison එකක් නම් නොවෙයි. ඇතුළට ගියොත් ගියාමයි ආයෙ පිටවීමක් නෑ. මැරිලාවත් එළියට ඒමක් නෑ. නිකම්යෑ ඉතින් ඒකට The Tomb කියලා නම දාලා තියෙන්නේ.නමුත් ඔහුව කුමන හෝ ක්‍රමයකින් කවුරුන් හෝ විසින් මේ තුළම සිර ගත කරලා. තමන්ගේම නිර්මාණය දැන් ඔහුටම සිරගෙයක් බවට පත්වෙලා.
හරි හරි ඔය ඇති කතාව ගැන..ඉතිරි ටික ෆිල්ම් එක අවාම බලමුකෝ.නැත් නම් බලන්න දෙයක් නැති වෙයි.එහෙනම් අපි ගියා..හැමොටම ජයෙන් ජයම වේවා...
0 comments:
Post a Comment