Sunday, October 27, 2013




කොමඩියක් කොමඩියක් මෙන්න තවත් කොමඩියක්….අපේ යාලුවෝ 2010 දී නිකුත් උන මේ ෆිල්ම් එකේ පළමු කොටස බලන්න ඇති කියලා හිතනවා. දෙවෙනි ෆිල්ම් එක නිකුත් උනේ 2013 ජුලි මාසේ..මේ වෙනකොටත් ෆිල්ම් එකට සම්මාන ලැබිලා තියෙනවා.

Dennis Dugan තමයි මෙහි අධ්‍යක්ෂක වරයා.ලෙනී.එරික්,මැකෙන්සි සහ මාකස් තමයි මේකේ ඉන්න කොල්ලෝ සෙට් එක..කොල්ලෝ කිව්වට දැන් නම් ටිකක් වයසට ගිහින් ඉස්කෝලෙන් අයින්උනාට පස්සේ අවුරුදු තිහක්ම ගෙවිලා ගිහිල්ලනේ..පළවෙනි කොටසේ හිටිය රොබ් නම් දෙවෙනි කොටසේදී අතුරුදහන් වෙලා.ලෙනීටයි රෝසෑන් ටයි දැන් ළමයි තු දෙනෙක්ම ඉන්නවා,ග්‍රේග්,කීත්,බෙකී තමයි එයාලා..ෆිල්ම් එක අවසාන වෙනකොට ලෙනී හතර වෙනි ළමයත් හදනවා ඕන්.එත් තවමත් ලෙනීට හරි හැටි ස්ථිර රස්සාවක් නම් නැහැ.පාසැල් වාරයේ අවසාන දවසින් තමයි කතාව පටන් ගන්නේ..ග්‍රීෂ්ම කාලයට එලබෙන්නට ඔන්න මෙන්න තියලා..
කොහොම හරි කස්ටිය සුපුරුදු තැනට කාලෙකින් නාන්න ගිහිල්ලා බ්‍රන්සන් කැම්පස් එකේ නොහික්මුණු කල්ලියක් එක්ක මෙයාලා ගැටුමක් ඇති කර ගන්නවා..මේ කල්ලියේ නායකයා ලෙස කටයුතු කරන්නේ Twilight කතාමාලාවේ ජෙකොබ් ගේ චරිතයට පණ පෙවූ Taylor Lautner විසින්…Steve Austin මෙහි විශේෂ චරිතයක් නිරූපණය කරනවා. මෙයාලා කොහොමද ලග ලගම එන ග්‍රීෂ්ම කාලයට සුදානම් වෙන්නේ?? මෙයාලගේ විනෝදයෙන් ගෙවන ජිවන රටාව කොයි වගේද කියන එක?? එදිනෙදා එක ප්‍රශ්ණ වලට ඔවුන් ඔවුන් විහිළුවෙන්ම කොහොමද පිළිතුරු සපයන්නේ සහ ඉල්ලන් දා ගත්ත ගැටුමින් මෙයාලා කොහොමද බේරෙන්නේ??? මේ ප්‍රශ්ණ වලට මෙයාලා පිළිතුරු සොයන හැටි දැන ගන්න ඕනේ නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා…  එහෙනම් තවත් එකකින් හමුවෙන තුරු සමු ගන්නම්..හැමෝටම ජය පතනවා..

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!