Tuesday, October 29, 2013

ක්‍රියාදාම චිත්‍රපටි බලන්න කැමති යාලුවෝ වෙනුවෙන් තමයි මම මේ ෆිල්ම් එක අරගෙන ආවේ..ෆිල්ම් එක ඇවිල්ලා නම් දැන් සතියක් විතර වෙනවා.නමුත් ගැලපෙන සබ් එකක් හොයා ගන්න නොහැකි උන නිසා දෙන්න ප්‍රමාද උනා ඕන්..මේ කතාව පදනම් වෙලා තියෙන්නේ ත්‍යාග ලබා ගනු පිණිස මිනිස් ඝාතන කරන කණ්ඩායමක් වටා.. කොහොම නමුත් මේ කාල සීමාව වනවිට ලෝකයේ විශාල නගර බිදවටිලා මුඩුබිම් බවල පත් වෙලා. එහෙම වෙන්න හේතුව තමයි ලෝකය හොදට තිබ්බ කාලේ ගුවන්යානා නිෂ්පාදන සමාගමක් බෝම්බ හදලා නගර වලට දාලා තියෙනවා.ඒ සමාගමේ හිටිය එක සාමාජිකයෙක් තමයි ෆ්‍රැන්සිස් ගෝමස් කියන්නේ. එයාව නෙරපලා අනෙක් අධ්‍යක්‍ෂක මණ්ඩලය බලය අල්ලා ගන්නවා.මේකේ ලොක්කා තමයි කැතරින් කියන්නේ.
මෙයාලා මෙහෙම මරන්නේ නම දෙනෙක්ගෙන් යුක්ත වූ කවුන්සිලයක් මගින් ”ත්‍රින්ස් බර්න් ලෑන්ඩ්” වලට සුදුසු නැති වැරදි කරපු පුත්ගලයන් වෙනුවෙන් නිකුත් කරපු වරෙන්තුවලට වලට අනුව..ධ්‍රිෆ්ටර්(ෆ්‍රැන්සිස් ගෝමස්) තමයි මේ කට්ටියගෙන් හොදම කෙනා..ඒ කියන්නේ වැඩකරුවා.කොහොම හරි ජිප්සීස් කියලා දරුණු අහිකුන්ටක ගෝත්‍රයක් ජිවත් වෙනවා.ඔවුන් හරිම මිලේච්ඡයි.. නූරී කියන්නේ මේ ජන ගෝත්‍රය එක්ක ජිවත් වුනු කෙල්ලක්.. නමුත් ඇය මේ ගෝත්‍රයේ නායකයාව මරලා පලා යනවා.ඇය එන්නේ ධ්‍රිෆ්ටර් ලගට..පස්සේ මේරි ඩෙත් කියන්නේ නුරී ටම තමයි.පස්සේ ධ්‍රිෆ්ටර් ඇයට ඔහු දන්නා දේවල් උගන්නනවා. ඇය ඉක්මණින්ම ඔහුගේ සහයිකාව බවට පත් වෙනවා. විලී ලගට තමයි වරෙන්තුව එන්නේ.ඔහු ඒක මෙයාලට බාර දෙනවා.ඔවුන් ඒක නිවැරදිව සම්පුර්ණ කලාම ත්‍යාගය ලැබෙනවා.ඕක තමයි වෙන්නේ.
කොහොමහරි ධ්‍රිෆ්ටර්ව මරන්නත් වරෙන්තුවක් නිකුත් වෙනවා.ඔහුට හිතා ගන්න බැහැ ඒක කොහොමද උනේ කියලා.පස්සේ ධ්‍රිෆ්ටර් එයාගේ සගයා ජැක් එක්ක කවුන්සිලේ අධ්‍යක්ෂක මණ්ඩලය හමුවෙන්න යනවා අභියාචනයක් ඉදිරිපත් කරන්න හිතාගෙන..එහෙම යන අතරේදී මොවුන්ව ජිප්සිස්ලා ට කොටු වෙනවා.එතැනදී මාරාන්තික යුද්ධයක් ඇති වෙනවා.මේ අතරේ මෙරී ධ්‍රිෆ්ටර් එක්ක තරහා වෙලා ඉදලා නැවත එකතු වෙනවා.තව මේ ගමනට ධ්‍රිෆ්ටර් ගේ ඔත්තුකරුවා උන ජිම්බොත් එකතු වෙනවා.මෙයාලා කවුන්සිල් එකට යනකෝට කැතරින්ගේ කණ්ඩායම කවුන්සිල් එක විනාශ කරලා බලය අල්ලාගෙන තියෙනවා.කොහොමහරි එතැනට ජිප්සීස් ලා කඩා වදිනවා.ඒ නූරී ව අල්ලාගෙන පලිය ගන්න.මේ ෆිල්ම් එකේ නියම අවසානයක් තියෙනවා.දැන් නම් ඇතිනේද කිව්වා.අදනම් ටිකක් විතර වැඩි උනාද මන්දා..
Henry Saine විසින් අධ්‍යක්‍ෂණය කරලා තියෙන ම ෆිල්ම් එක Action | Sci-Fi | Thriller කියන කාණ්ඩ වලට දාලා තියෙනවා.ඒ වගේම ලෝකේ හොදම ෆිල්ම් 5000 ටත් ඇතුලත් වෙලා තියෙනවා, බලන්න මේක නම් සුපිරි භාන්ඩයක්. එහෙනම් තවත් මේ වගේ හොද එකක් අරන් එන්නම්..හැමෝටම ජය…

ෆිල්ම් එකයි සබ් එකයි මෙතැනින් ගන්නකෝ.. 

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!