අපේ පවුලටම අලුත් තැනකට යන්න වෙලා. මේ
නගරේ ජිවත් වෙලා ඔය තැන් වල ගිහිල්ලා ඉන්නේ කොහොමද? කරන්න දෙයක් නැහැ
යන්නම වෙනවා,මොකද එක අපේ තාත්තාගේ රාජකාරියනේ..මොනවා කරන්නද?ඔන්න අපි අලුත්
ගෙදරට ආවා එහෙනම්. ගමේ කට්ටිය අපිට ගොඩක් උදව් උනා බඩු මුට්ටු ටික ගේ
ඇතුලට දා ගන්න. අම්මෝ…..අනේ….මෙන්න මාව අල්ලන්යන්න හොල්මනක් ඇවිල්ලා..අහාආ
..නැහැ නැහැ ඒක මෙහෙට ආපු පළමු දවසෙම දැක්ක හිනයක්නේ..මං හොදටම බය
උනා…ඔයාලා දැන්මම බය වෙන්න ඕනේ නැහැ යාලුවනේ. ඒ උනාට මේ ෆිල්ම් එක අහවර
වෙනකොට නම් බය වෙන්නම් වෙනවා. මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ පසුගිය
සැප්තැම්බර් මාසේ 26 වැනිදා රුසියාවේදී.The Cabin in the Woods වගේ ෆිල්ම්
වල වැඩ කරපු Anthony Leonardi තමයි මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ.
හරි මං කතාවත් ටිකක් කියන්නම්. ඔන්න
ලස්සණ පවුලක් ඉන්නවා.අම්මා වින්ඩි,තාත්තා ඩැනියෙල්. එයා පාස්ටර්වරයෙක්
හැටියට තමයි කටයුතු කරන්නේ.ළමයි තුන්දෙනයි.රෙබේකා සහ මේරි තමයි කෙල්ලෝ
දෙන්නා.බඩපිස්සා තමයි ක්‍රිස්ටෝපර්. එයාලට ස්ටල් කියන කුඩා නගරයට යන්න
වෙනවා. රෙබෙකා ලස්සනයි. ඉතින් එයාට ඒ නගරෙම ඉන්න නෝහා කියන්න කොල්ලව සෙට්
වෙනවා.එයාගෙත් මේකට සම්බන්දයක් තියෙනවා.කොහොම හරි එතැනදී තමයි මේ යක්ෂයෝ
භූතයෝ මෙයාලට හමු වෙන්නේ.මෙහේ තියෙනවා ගේට්ටුවක් එහෙමත් නැත්නම්
දොරක්.එකෙන් එක පැත්තක ඉන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒකෙන් එහා පැත්තේ තමයි
අමනුෂ්‍යයෝ ඉන්නේ.මේ නගරගේ කලින් හිටිය කින්ස්මන් පාස්ටර් තමයි මේ ලෝක දෙක
අතර පණිවිඩ හුමාරු කරන්නේ.ඔහු හරියට බිලි පුජා තියන කට්ටඩියෙක් වගේ. මේ
යක්ෂ ආත්මයන් වලට මනුෂ්‍ය ශරීරයකට ඇතුළු වෙන්නම ඕනේ.ඊට පස්සේ මොකද
වෙන්නේ..මේ යක්ෂයන් ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? එහෙනම් බලන්න.තවත් එකක්
අරන් එන්නම්…හැමෝටම ජය පතනවා.
0 comments:
Post a Comment