Thursday, May 8, 2014



කොහෙමද යාළුවනේ. හැමෝම හොඳින් සතුටින් ඉන්නවා නේද? මේ වසරේ ජනවාරි පළමුවැනිදා ඔයාලට දුන්නු Lone Survivor ෆිල්ම් එකෙන් පස්සේ ඔන්න අද තමයි සලරුවක් ඔයාලා වෙනුවෙන් අරන් එන්න හදන්නේ.වෙලාව තියෙනවාටම නෙමේ..තව සබ් එකක් කරන්න ඕනෙමයි කියලා හිතුන නිසා සහ ගොඩක් කස්ටිය ඉල්ලීම් කරපු නිසා තමයි ඔන්න මේක කලේ..හරි හරි අපි දැන් කතාව ගැන පොඩ්ඩක් බලමු නෙහ්..මොකද ෆිල්ම් එක බලන අපේ යාළුවන්ට ඒක ප්‍රයෝජනවත් වේවි.
තනියෙන් කිසියම් වූ වැඩක් කරනවට වැඩිය, කණ්ඩායම් ලෙස එකතු වෙලා මොකක් හරි වැඩක් කරනවා නම් ඒක කොයිතරම් පහසු වෙයිද, සාර්ථක වෙයිද? දුප්පත්කමින් මිරිකී ගිය ගම්මානයක ජිවත් වන දිරිය කාන්තාවක් කණ්ඩායමක් ලෙස එකතු වෙලා තමන්ගේ ගමේ ප්‍රශ්ණ විසඳ ගන්න ගොඩක් අපහසු ප්‍රයත්නයක යෙදෙනවා. බොලිවුඩයේ අති දක්‍ෂ නිළියක් වන මදුරි ඩික්සිත්(රජ්ජෝ) තමයි මෙම කණ්ඩායමේ නායිකාව හැටියට වැඩ කරන්නේ. ගමේ හැමෝම වගේ එයාට ගොඩාක් ආදරෙයි. ඒ නිසා සහෝදරී කියලා තමයි කියන්නේ. එයාලා සාරි මහලා තමයි සල්ලි හොයා ගන්නේ. ගුලාබ් කල්ලිය. දරුණුයි, ප්‍රචණ්ඩයි, ආවේගශිලියි. නමුත් ඒ අසාධාරණය වෙනුවෙන්. නමුත් ගොඩක් සංවේදී. ඒ උපකාරයක් කරන්න තියෙනවා නම් ඉදිරිපත් වෙන්නේ නැතුව ඉන්නේ නැහැ. රජ්ජෝගේ ප්‍රධාන අරමුණ වුණේ ගමට පාසැලක් හදන එක. එයා ඒ වෙනුවෙන් හැම වෙලේම වැඩ කරා.
මෙහෙම ගමේ ප්‍රශ්ණ විසඳ ගන්න වෙර දරණ මෙයාලට හොඳ අවස්ථාවක් උදා වෙනවා. ඒ තමයි ළඟ ලඟම එන මැතිවරණය. සුමිත්‍රා මැඩම් තමයි මේ ගම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. තවත් සුපිරි නිළියක් වන ජුහී චවුලා තමයි සුමිත්‍රාගේ චරිතයට පන දෙන්නේ. මේ දෙන්න නයි වෛරයි. දෙන්න එකිනෙකාට විරුද්ධව තමයි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඉතිං කවුරු ජයග්‍රහණය කරයිද, පාසල හදන්න පුළුවන් වෙයිද? එක දිගට බලන්න පුළුවන් ෆිල්ම් එකක්, ඒ වගේම සටන් ජවනිකා ඇති තරම් තියෙනවා. එහෙනම් යාළුවනේ තවත් සලරුවක් අරන් එනකම් දැනට ඔයාලගෙන් තාවකාලිකව සමු ගන්න අවසර. හැමෝටම ජයෙන් ජය පතනවා.


0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!