Wednesday, September 10, 2014



ඔන්න මම ටික දවසක නිහැඬියාවකට පස්සේ මට යම්තාක් දුරකට විශේෂ වූ දිනයකදී ඔයාලට උපසිරැසියක් අරගෙන එන්නයි මේ සුදානම.. වැදගත්ම දේ තමයි පුරා චිත්‍රපටි උපසිරැසි 63 කට පස්සෙ මම මේ හදන්නේ මගේ මුල්ම රූපවාහිනී උපසිරැසි අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්නයි. ඒ වගේම තවත් විශේෂත්වයන් තියෙනවා ඒ මම මේ සොඳුරු අඩවියේ සාමාජිකයෙක් වෙලා වසරක් ගතවීම සහ මගේ උපන්දිනය යෙදී තිබීම.. ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ කණ්ඩායමක් එක්ක වසරක් පුරා වැඩ කරන්න ලැබුණු එකට. ඒ වගේම ඉදිරියටත් මේ වගේම ඉන්නවා.

IMDB ශ්‍රේණීගත කිරීම් වල දැනට 8.1 වගේ ඉහළ සමස්ත අගයක් ලබාගන්න මේ සුපිරි කතා මාලාව සමත් වෙලා තියෙනවා. ඊශ්‍රායලයේ පසුතල වල රූගත කරපු මේ කතා මාලාවේ අබුඩීන් නම් මනඃකල්පිත රටක් ගැන කියවුණත් අරාබි රටවල් වල තියන සංස්කෘතික හා සමාජ වටපිටාව නම් එහෙම්ම අරගෙන තියෙනවා කියලා කිවහැකියි. මේ වසරේ නිකුත් වූ කොටස් දහයකින් සමන්විත වෙච්ච මේ කතා මාලාවම මම එකවර ඔබට ලබා දෙනවා. ඒ ඔයාලට මේක නරඹන්න තවත් පහසු වෙන නිසාමයි.

මර්දනය තම පාලනය කරගත් සල්ලිකාර මැදපෙරදිග ඒකාධිපතියෙක්. ඔහුටම ගැලපෙන සිහසුනට උරුමක්කාරකම් කියන සල්ලාල වියරු වැඩිමහල් පුතෙක්. මේ සියල්ල එපා වී රටද හැර දමා ඇමරිකාවේ ළමා වෛද්‍යවරයෙක් ලෙස සාමාන්‍ය පවුල් ජීවිතයක් ගෙවන බාල පුතෙක්. අවුරුදු 20 කට පසු මේ තිදෙනා එකිනෙකා හමුවන අවස්ථාවක්. මේ අවස්ථාව මේ තිදෙනාට කෙසේ නම් බලපායිද? ඔවුන්ගේ ජීවිත කෙසේ උඩු යටුකුරු වෙන්න නියමිතද? ජනතා විප්ලව, කුමන්ත්‍රණ, සිහසුන, අපරාධ, සල්ලාලකම් මැද මේ ගෙවන ජීවිත වලට ඊළඟ මොහොතේ කුමකින් කුමක් සිදුවෙයිද? සෑම මොහොතකම කුතුහලය කියන දේ ගැබ් වෙලා තියෙනවා කියන්න ඕනේ.

මුලින් නම් හිතේවි නාට්‍යමය ස්වරූපයට බරයි කියලා. ඒත් වැඩියෙ හිතන්න එපා. එක කොටසක් මුලින් බලන්නකෝ. අනිවා ඔයාලා එක හුස්මට ඔක්කොම බලල අහවර කරනවා කියලා මට විශ්වාසයි.

තව දෙයක් තියෙනවා, ඔයාලා මොකද හිතන්නේ මේ වගේ කතා මාලාවම එකවර දෙන එක පිලිබඳව. හොඳද නැත්නම් නරකද? ඒකත් කියමු බලන්න, මේ වගේ තවත් කතා මාලාවල් කිහිපයක් කරන්න හිතන් ඉන්නවා. ඔයාලා කැමති එව්වා තියෙනවා නම් කියන්න. ඔයාලගේ අවශ්‍යතාවයට තමයි මේ අපේ සොඳුරු නවාතැන ඔබ වෙනුවෙන් සෑම මොහොතකම විවෘත වෙලා තියෙන්නේ.

එහෙනම් ඇති නෙහ් මේ දෙසුවා.. තවත් උපසිරැසි යක් අරගෙන එනකම් දැනට සමුගන්නම්. හැමෝටම ජය පතනවා !!!!
 
සිංහල උපසිරැසි මෙතැනින් ගන්න.
 
 

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!