Tuesday, October 15, 2013


මුලින්ම කියන්න ඕනේ මේ ෆිල්ම් එක නම් ඔයාලට දෙන්නම් පරක්කු උනා..මොකද කරන්න වැඩ රාජකාරි බහුල උන නිසා.මුලින්ම ඒකට සමාවෙන්න කියනවා...මේ හින්දි ෆිල්ම් එක ගියමාසේ ඒ කියන්නේ සැත්තැම්බර් මාසේ 10 වෙනිදා නිකුත් උන එකක්..ඒ කියන්නේ අලුත්ම අලුත් එකක්.සුපිරිම සුපිරි කොමඩියක්..ඔයාලා නිකමට වගේ ට්‍රේලර් එක පොඩ්ඩක් බලන්නකෝ කොහොමද කියලා.ආයි දෙකක් නැහැ බඩ අල්ලගෙනම හිනා වෙන්න පුළුවන්...

මේකේ ඉන්නේ දැක්කත් හිනා යන නළුවෝ තුන් දෙනෙක් තමයි..Ritesh Deshmukh,Vivek Oberoi,Sonalee Kulkarni..ඒ වගේම ලස්සන කෙල්ලෝ හය දෙනෙක්ම ඉන්නවා..මට තේරුණ විදියට නම් මේක හින්දි ෆිල්ම් එකක් උනත් "වැඩිහිටියන්ට පමණයි" කියන ගොඩට දාන්න වෙනවා.මං කතාවත් පොඩ්ඩක් කියන්නම්.ප්‍රේම්,මීට් සහ අමර් ඔන්න හොදම යාළුවො තුන් දෙනා.මේ තුන්දෙනාම ජොලියෙන් තමයි ඉන්නේ..කොහොම හරි කැම්පස් ජිවිතේ අහවර වෙලා තුන් දෙනාම විවාහ වෙනවා.තුල්සි,මමතා සහ උන්නති තමයි නෝනලා තුන් දෙනා...ඊට පස්සේ තමයි වැඩේ.ඒ කියන්නේ මෙච්චරකල් කොරපු සෙල්ලන් කිසි දෙයක් කරන්න බැහැ.ඉතින් හරිම පාලුවෙන් ඉන්නේ.ඔහොම ඉන්නකොට නියම පොටක් පෑදෙනවා.ඒ කියන්නේ නැවත ඉස්කෝලේ යන්න වගේ අවස්ථාවක් .ඒ කියන්නේ පරණ යාලුවෝ එකතු වෙන අවස්තාවක්..ඔන්න යාලුවෝ තුන්දෙනා නැවතත් වැඩ පටන් ගන්නවා..ඉස්කෝලේ ප්‍රින්සිපල් ගේ දුවයි නෝනා වයි නංගි වයි තුන් කට්ටුව සෙට් කර ගන්නවා....තරුණ කාලේ කරන වැඩ වලින් තමයි මේ ෆිල්ම් එක පිරිලාතියෙන්නේ...බලන්න..හිනාවෙන්..ටිකක් ලේ පිරිසිදු කර ගන්න..  එහෙනම් තවත්  එකක් අරන් එන්නම්.ජය...

උපසිරැසි සමග ෆිල්ම් එක ඩිරෙක්ට් බාගන්න මෙතනින් එන්න.

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!