Thursday, October 31, 2013

මේක ජුලි 4 වැනිදා හොංකොං වලදී තමයි නිකුත් කරලාතියෙන්නේ.”Man Tam” (original title) කියලත් දීල තියෙනවා. Crime | Drama කියන වර්ගීකරණයට දාලා තිබ්බට නියම කොමඩි කෑලි ටිකකුත් තියෙනවා.
මෙයා අරුම පුදුම පරීක්ෂක කෙනෙක්.මෙයා කිව්වේ ”ජොන්සන්”(Andy Lau).ජොන්සන් ගේ ඇස් දෙකම පෙන්නේ නැහැ.ඒ අනතුරක් වෙලා තමයි එහෙම වෙලා තියෙන්නේ.නමුත් මෙයා නම් සුපිරි වැඩ කරුවෙක් තමයි. ටිකක් වෙලා ෆිල්ම් ඒක බලනකොට ඔයාලටම තේරෙයි.පොඩ්ඩක් හිතල බලන්නකෝ ඇස් පෙන්නේ නැති කෙනෙක් පොලිස් සේවයේ වැඩ කරනවා කියන්නේ කොහොමද කියලා? මෙයාට ඇස් නොපෙනී ගිහින් තියෙන්නේ පොලිසියට බැදුනට පස්සේ,නැත්නම් ඉතින් බැදෙන්නත් බැහැනේ නේද? කොහොම හරි මෙයාගේ හොදම යාලුවා තමයි ”සෙස්ටෝ ෆාබෝ”. ඒක කේස් එකක වැඩ කරනකොට මෙයාට පොලිස් කාන්තාවක් වන ”හු”(Sammi Cheng)සෙට් වෙනවා.එයා ජොන්සන්ගේ අසරණ කම් දැකලා අනුකම්පා කරනවා.පස්සේ ගෙදරත් එක්කන් යනවා. හු ගේ යාලුවෙක් අතුරු දහනවෙලා මිනී කියලා.එයාව හොයන මෙහෙයුම තමයි දැන් කරන්න යන්නේ. 
ඒ උනාට ලේසි පහසු වෙන්නේ නැහැ ඒක..මේ අතරේ ජොන්සන් කෙල්ලෙකුට ආදරේ කරනවා.සෙට්වෙලා තියෙන්නේ හොදට ඇස් පෙනකාලේම තමයි..නමුත් ඇස දෙක පෙන්නේ නැති උනාම කෙල්ල ගැන බලා ගන්න සෙස්ටෝ ට බාර දෙනවා.සෙස්ටෝ නම් මරුම යාලුවෙක් තමයි,බලා ගන්න දුන්න කෙනා කෙල්ලව සෙට් කරගෙන බැදලත් එක්ක,මෙහෙම යාලුවෝ අපි අතරත් ඉන්නවා නේද?කොහොම හරි මේක ජොන්සන්ගේ අතටම අහු වෙනවා. ඔන්න ඔහොම තමයි කතාව තියෙන්නේ.ඔක්කොම කියන්න යන්නේ නැහැ එතකොට ඔයාලට බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ. 
ආදරය,විරහව,අසරණකම,විහිළු තහළු සහ ක්‍රියාන්විත කියන ඔක්කොම වගේ මේ ෆිල්ම් එකේ ගැබ් වෙලා තියෙනවා.මුලින්ම බාගන්න. පස්සේ බලන්න.රසවිදින්න.අපි වෙනුවෙනුත් මොනවා හරි කොටලා යන්න.පතනවා හැමෝටම ජයෙන් ජය……..

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!