ඔන්න එහෙනම් අගෝස්තු 30 වැනිදා නිකුත්
වුණු Action | Crime ෆිල්ම් එකක් අරගෙන තමයි මම බයිස්කෝප් එකට ගොඩවදින්නේ.
මුලින්ම කියන්න ඕනේ මේකේ කොපිය නිකුත් උනේ ඊයේ හවස 6 ට විතර, හැමදාම වගේ
අපේ විකියා සහෝ තමයි කරමු කියලා කිව්වේ, ඔන්න එහෙනම් උදෙන්ම දෙනවා.වාහන වලට
කැමති යාළුවො සහ ඒක දිගට හැල්මේ දුවන කාර් එකක් ඇතුලේ ඉන්න කැමති යාළුවො
වෙනුවෙන් මම විශේෂයෙන්ම මම නිර්දේශ කරනවා. ඔහේ කාර් එක ඇතුලේ ඉන්න
නෙමේ,සුපිරි ඇක්ෂන් ගොඩක් බලාගන්න පුළුවන් විදියට.. මේ ෆිල්ම් එකේ තව පොඩි
විශේෂයක් තියෙනවා.ඔයාලා,මම වගේම මුළු ලෝකයම දන්නා සුප්‍රකට ගායිකා Selena
Gomez මේකේ ප්‍රධාන චරිතයකට පණ දෙනවා. එහෙනම් බලන්නම එපැයි නේද?? නළුවා
තමයි Ethan Hawke(බ්‍රෙන්ට්). ඔයාලට මතක ඇතිනේ The Purge,Total recall,Sinister වගේ ෆිල්ම් වලට ඔහු රංගනයෙන් දායක උනා කියලා.. Courtney Solomon තමයි මේ සලරුවට අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ,
දැන් කතාව පොඩ්ඩක් කියන්නම්,නැත්නම්
එකත් අඩුවක් වෙනවනේ. බ්‍රෙන්ට් ගේ බිරිඳ වන ලේන් ව කවුදෝ පැහැරගෙන..එහෙන්
ලේන් රදවාගෙන ඒ මාර්ගයෙන් බ්‍රෙන්ට් හරහා සිදු කරන මංකොල්ලයක් මේ කතාවට
පදනම් වෙලා තියෙන්නේ. බ්‍රෙන්ට් කියන්නේ දනර වසර ගණනාවකට කලි කාර් රේස්
පද්ද සුරයෙක්,දැන් ක්‍රීඩාවට සමුදීලා. මේකේ සෙලිනා කියන්නේ හරිම නිදහසේ
හිටිය තරුණියක්, එයාට සල්ලි ගොඩක් තියෙනවා,තාත්තා බැංකුවක් ලොක්කෙක්,ඒ උනාට
මෙයාට තාක්ෂණය පැත්තෙන් හොද දැනුමක් තියෙනවා, මේක හොරු කණ්ඩායම ප්‍රයෝජනයට
ගන්නවා,ඒ වගේම සෙලිනාගේ කාර් එකම තමයි බ්‍රෙන්ට් ට පාවිච්චි කරන්න වෙන්නේ,
ඒ මොකද මෙයාලා සෙලිනාගේ තාත්තගේ බැංකුව මංකොල්ලා කන්න සැලසුම් කරන නිසා මේ
කාර් එකට පහසුවෙන්ම ඇතුලට යන්න ඇහැකිනෙ.. කොහොම හරි මේ දෙන්නට වැඩ නියම
වෙනවා,තම බිරිඳව බේරා ගන්න ඕනේ නිසා බ්‍රෙන්ට් ට මේක කරන්න වෙනවා,සෙලිනා
මුලින් අකමැති උනත් පස්සේ බ්රෙන්ට්ට උදව් වෙනවා… සුපිරි ෆිල්ම් එකක් අනිවා
බලන්න හැමෝම
හරි එහනම් මේකත් කොහොමද කියලා
බලන්න..මේක ටිකක් හදිස්සියේ කරපු නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්, එහෙනම් මම
නවතිනවා,හැමෝටම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා…!!!
0 comments:
Post a Comment