Sunday, November 10, 2013



මේ පාර මම අරන් ආවේ මම මිට කලින් කරලා නැති ආදර කතාවක් අරගෙන..මේකත් මේ වසරේ අගෝස්තු මාසේ නිකුත් උන සම්මානනීය චිත්තරපටියක්..මේ වෙනකොටත් සම්මාන තුනක් ලැබිලා තියෙනවා.තව දෙකක් සදහා නිර්දේශ වෙලා තියෙනවා, David Lowery විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.Casey Affleck තමයි බොබ් ගේ චරිතයට පණ දෙන්නේ,Rooney Mara තමයි රූත් ගේ චරිතය නිරුපණය කරන්නේ.IMDb එකට අනුව 6.7 ක අගයක් ලැබිලා,මේ වගේ ෆිල්ම් එකකට ඒ වගේ අගයක් ලැබෙනවා කියන්නේ ඉතින් තව කියන්න දෙයක් නැහැනේ..
හරි අපේ යාලුවන්ගේ පහසුවටත් එක්ක මම කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්,මේ බොබ් සහ රූත් කියන්නේ ගොඩාක් ආදරයෙන් හිටිය නව විවාහක යුවලක්..මෙයාලට දරුවෙක් ලැබෙන්න ඉන්නවා.නමුත් බොබ් ටිකක් ප්‍රචණ්ඩ මනුස්සයෙක්, එකටත් එක්ක රූත් හරිම අහිංසකයි.කොහොම හරි මෙයාලා පොලිසියත් එක්ක ගැටුමක් ඇති කර ගන්නවා,එකෙන් පොලිස්කාරයෙකුට තුවාල වෙනවා,අන්තිමට බොබ්ට වසර ගණනාවකට හිරේට යන්න වෙනවා,රූත්ට ගැහැණු දරුවෙක් ලැබෙනවා,එයා තමයි සිල්වියා. මේ උන සිදුවීම නිසා දෙන්නා ගොඩක් පාලුවෙන් ඉන්නේ,බොබ් හිරේ ඉදන් දුක් විදිනවා,රූත් සහ සිල්වියා ගෙදර ඉදන් දුක් විදිනවා,බැරිම තැන කිහිප වතාවක්ම උත්සාහ කරලා බොබ් හිරෙන් පනිනවා.මේ අතරේ වෙඩිකාපු පොලිස්කාරයා පැට්‍රික් බොබ් නැති අතරේ රූත් ට බැල්ම දානවා.රූත්ට බේරෙන්නම වෙන්නේ නැහැ.ගෙදර අඩුපාඩු හොයාලා බලනවා.විල්වියා එක්ක සෙල්ලම් කරනවා,සෙල්ලම් බඩු ගෙනත් දෙනවා,රූත් මුලින් විරුද්ධ උනත් පස්සේ පස්සේ සද්ද නැතුව ඉන්නවා,මොකද එයාට පැට්රික් ඉන්න එක ලොකු වාසියක්නේ,කපටිමත් නෑ ඉතින්..ගැහැණු කට්ටිය හොදට මායම් දන්නවත් කියලා කියනවනේ නේද??? නමුත් රූත්,බොබ් නැවත ඇයව හොයා ගෙන එනවා කියලා ලොකු විශ්වාසයකින් ඉන්නේ.පොලිසිය බොබ් ගැන ලොකු විමසිල්ලකින් ඉන්නේ.ඇති නේද කිව්වා එහෙනම්,අන්තිමට බොබ් රූත්ව හොයන් එයිද?පැට්රික්ට මොනා වෙයිද?මෙයාලගේ ආදරේට මොකක් වෙයිද???
“I’m selfish, impatient and a little insecure. I make mistakes, I am out of control and at times hard to handle. But if you can’t handle me at my worst, then you sure as hell don’t deserve me at my best.”
“Have you ever been in love? Horrible isn’t it? It makes you so vulnerable. It opens your chest and it opens up your heart and it means that someone can get inside you and mess you up.”
බලන්න.බලලා කියන්න වේ වගේ ෆිල්ම් වලටත් ඔයාලා කැමතිද කියලා,එහෙනම් තව එකක් අරන් එනකම් සමු ගන්නම්,හැමෝටම ආදරණිය දවසක්..

ෆිල්ම් එක සහ උපසිරැසි මෙතැනින් ගන්න.

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!