Thursday, November 28, 2013



කොහොමද ඉතින් කස්ටිය..ඔන්න මම තවත් අලුත්ම හින්දි ෆිල්ම් එකක් අරන් එන්නයි හදන්නේ.මේක නිකුත් වෙලා තියෙන්නේ නම් පසුගිය පෙම්වතුන්ගේ දිනයේදී..ඒ කියන්නේ දැන් මාස ගානක් වෙනවනේ නේද?නමුත් මේකේ හොඳ කොපියක් නිකුත් උනේ නම් ඊයේ.Vivek Oberoi ඉන්න නිසා මට මේකට සබ් කරන්න හිතුණා ඔන්න.ඒ වගේම Teri Meri Kahaani වගේ ෆිල්ම් එකේ රඟපෑ ලස්සන සරාගී Neha Sharma ත් ඉන්නවා ඔන්න. Action | Comedy | Romance වර්ග වලට දාන්න පුළුවන්.මේ කතාව ලියලා තියෙන්නේ Race 2,Bodyguard වගේ ෆිල්ම් ලිව්ව Kiran Kotrial විසින්..
හරි හැමෝටම ලේසි වෙන්න මම කතාව පොඩ්ඩක් කියන්නම්.ජයන්ත කියන්නේ මුම්බායි නගරයේ ඉන්න මැර කල්ලියක සාමාජිකයෙක්.එක්තරා විදියකට ලොක්කෙක් කියන්නත් පුළුවන්.එයාගේ ලොක්කා තමයි අල්ටාෆ් කියන්නේ.සිම්රන් කියන්නේ මුම්බායි වලට පිටින් ඇවිල්ලා සන්නිවේදන ආයතයනයක වැඩ කරන ලස්සන කෙල්ලක්.මුලින්ම ඒ කොම්පැණිය වංචා වලට අහුවෙලා වහන නිසා සිම්රන්ට රැකියාව අහිමි වෙනවා.ඊට පස්සේ සිම්රන් ඒ ගැන තාත්තට කියන්නෙත් නැතුව නව නවාතැනක් විදියට ජයන්ත ඉන්න නිවාස සංකීර්නයේම නවතිනවා.එතැනදී තමයි දෙන්නා සෙට් වෙන්නේ,දෙන්නා හොඳම යාළුවෝ වෙනවා.නමුත් දෙදෙනාම ආදරේ කලත් ප්‍රකාශ කරන්නේ නැහැ.ඒක ආදරේද කියලා දෙන්නටම වැටහීමක් නැහැ.මේ අතරේ ජයන්ත දිගටම මැර රස්සාව කරගෙන යනවා.මෙයාට ඒක ඇති වෙලා තියෙන්නේ.හොඳ මිනිහෙක් වෙන්න ඕනේ.මොකද සිම්රන් ටික ටික ජිවිතේ කියන්නේ මොකක්ද කියලා කියා දෙන නිසා.නමුත් ජයන්ත මැරයෝ එක්ක ප්‍රශ්ණ දාගන්නවා.

මේ අතරේ ඒක පාරටම සිම්රන්ගේ තාත්තා මුම්බායි එනවා.මාර වැඩේ..තාත්තා හිතාගෙන ඉන්නේ සිම්රන්ට හොඳ රස්සාවක් තියෙනවා කියලනේ.තාත්තා ඇත්ත දැනගත්තොත් එහෙම සිම්රන්ව ගෙදර එක්කන් ගිහිල්ලා වෙන කාටහරි බන්දලා දෙනවා,ඒ නිසා සිම්රන් ජයන්තව පාවිච්චි කරනවා,එයාගේ බොරු කොම්පැණියේ ලොක්කා වගේම එයාගේ පෙම්වතා හැටියටත් තාත්තා ඉස්සරහට යන්න.ජයන්ත සිම්රන්ගේ ගෙදර ගිහිල්ලත් වලියක් දාගන්නවා.කොහොම හරි සිම්රන් නැවත නැවත රස්සාවල් හොයනවා.සිම්රන්ගේ අවසාන සම්මුඛ පරීක්ෂණය එන්න පරක්කු වෙන නිසා ජයන්ත සිම්රන්ගේ රැකියාව බේරා ගන්න සුපිරි ගේමක් දෙනවා. අන්තිමට මොකද වෙන්නේ කියලා දැන ගන්න බලන්නම වෙනවා ඔන්න?

මම මෙහෙම දිගටම කතාව කිවාගෙන ගියොත් වැඩක් නැහැනේ….ඔන්න මම කතාව කියලා අහවරයි..ඉතුරු ටික ඔයාලම බලන්න.එහෙනම් මම තාවකාලිකව නවතිනවා.හැමෝටම ජයෙන් ජය පතනවා!!!

750MB ඩිරෙක්ට් ලින්කුව.(300mbfilms)
LINK TEXT HERE
සිංහල උපසිරැසි මෙතැනින්.

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!