Monday, December 30, 2013



ඔන්න එහෙනම් අපි කාලයක් තිස්සේ බලන්න බලන් හිටිය සුපිරි බයිස්කෝප් එකක් අරගෙන තමයි මේ සොඳුරු අඩවියට පා තබන්න අර අදින්නේ. ඔයාලා හැමෝම රේසින් ෆිල්ම් බලන්න කැමතියිද කියලා අහන්න දෙයක් නැහැනෙ. විනාඩි 123 ක් පුරා දිවෙන,එක හැල්මේ නරඹන්නට පුළුවන් ඔස්කාර් සම්මාන ලාභී Ron Howard ගේ අධ්‍යක්ෂණයෙන් යුක්තවූ මේ සලරුව IMDb මීටරයේ 8.3 ක අගයක් සටහන් කර තියෙනවා නොවැ. ඉතිං තවත් මොන කතාද? Action, Biography කියන කාණ්ඩ වලට දාලා තියෙනවයි කියන්නේ. මෙතෙක් ලොව බිහිවූ චිත්‍රපට අතරින් 149 තැන මේ වෙනකොට හිමි කරගෙන තියෙනවා. Thor, Red Dawn, The Avengers වගේ ෆිල්ම්ස් වලින් ජනාදරයට පත් Chris Hemsworth තමයි මේකේ වැඩකරුවා.
මුලින්ම කියන්න ඕනේ මේක 1976 දී සිදුවූ සත්‍ය කතාවක් මත පදනම්ව නිපදවූ කාර් රේසින් ෆිල්ම් එකක්. ජේම්ස් සයිමන් වොලිස් හන්ට් සහ නිකී ලවුඩා තමයි මේකේ ෆෝමියුලා තරඟ සඳහා ප්‍රතිවාදීන් දෙදෙනා වෙන්නේ. හරියට සංසාර ගත හතුරෝ දෙන්නෙක් වගේ තමයි හැසිරෙන්නේ. නිකී ලවුඩා කියන්නේ හරිම අමුතු චරිතයක්. නීති වලටම තමයි වැඩ කරන්නේ.තමන් ගේ ජිවිත අවදානම ගැන ගොඩක් හිතනවා. නමුත් හන්ට් එහෙම නැහැ. හරිම සරල විදියට තමයි ජිවත් වෙන්න. දකින දකින කෙල්ලෝ පස්සේ යනවා. හොඳට විනෝද වෙනවා. කිසිම වගකීමක් නැහැ. කිසිම දෙයක් ඕනෙවට වැඩිය ගණන් ගන්නෙත් නැහැ. ලවුඩා කියන්නේ මේ ක්‍රීඩාවේ ප්‍රවීණයෙක්. ඔහු තමයි කලින් ලෝක ශුරයා වෙලා තියෙන්නේ. 1976 තරඟාවලිය අතරතුරදී එක් තරඟයක් අතරතුර ලවුඩා බරපතල අනතුරකට ලක් වෙනවා. ඒ නිසා ඔහුට තරඟ කිහිපයක් මඟ හැරෙනවා. ඒ අතරේ හන්ට් ලකුණු සටහනේ ඉදිරියට එනවා.නමුත් තරඟාවලිය අවසානය වෙනකොට ලවුඩාට හොඳ වෙලා දවස් 42 ක් ඇතුළත නැවත පැමිණෙනවා. මොනවා වෙයිද? අවසානයේ කවුරු දිනයිද?
හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මේ වගේ තවත් හොඳ ෆිල්ම් එකක් අරන් එනකම් තාවකාලිකව සමුගන්නම්. හැමෝටම ජය පතනවා!!!

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!