Friday, December 20, 2013





ඔන්න මම අළුත්ම හින්දි සලරුවක් අරන් තමයි ඔයාලා ලඟට එන්නේ.කට්ටිය එනකම් බලන් හිටිය සුපිරි එකක්, Imran Khan සහ Kareena Kapoor තමයි ආදර වන්තයෝ, Comedy | Romance එකක්,විනාඩි 150 ක්ම තියෙනවා. Punit Malhotra ගෙන් තමයි අධ්‍යක්‍ෂන දායකත්වය ලැබිලා තියෙන්නේ,Kabhi Khushi Kabhie Gham, Kal Ho Naa Ho සහ I Hate Luv Storys කියන ගොඩක් ජනප්‍රිය වෙච්ච ෆිල්ම් වල මෙයා වැඩ කරලා තියෙනවා.තව එකක් කියන්න ඕනේ,මෙහි ඉංග්‍රීසි උපසිරැසියෙ අඩුපාඩු ගොඩක් තියෙනවා.ඒ කියන්නේ සමහර ලයින් අඩුයි,මට පුළුවන් එව්වා හැදුවා,ඒ නිසා තමයි පොඩ්ඩක් විතර පරක්කු උනේ,ඊයේ ක්‍රිකට් තරඟයක් තිබ්බ නිසා තව පොඩ්ඩක් පරක්කු උණා ඔන්න.
කතාව ගැන සඳහනක් කරනවා නම්,ශ්‍රිරාම් කියන්නේ බැංගලෝරයේ ජිවත් වන කොටිපතියෙක්ගේ පුතෙක්,එයා වාස්තු විද්‍යාව පිළිබද වැඩිදුර අධ්‍යාපනය ලබලා තියෙන්නේ ඇමෙරිකාවේ ඔන්න.මෙයා දෙමව්පියන් කියන කිසිම දෙයක් අහන්නේ නැහැ,පට්ට ෆන් එකේ ඉන්නේ, ඒ නිසා ශ්‍රිරාම්ව හදා ගන්න තියෙන එකම ක්‍රමය කසාද බන්දලා දෙන එක කියලා දෙමව්පියන් හිතනවා.ඉතින් ශ්‍රිරාම්ට වසුදා කියලා තරුණියකගෙන් යෝජනාවක් එනවා,
ශ්‍රිරාම්,ජෝශ්නා කියලා කෙල්ලෙක් එක්ක මුලින්ම යාළු වෙලා ඉන්නේ,එයා එක්ක දවසක් උත්සවේකට යනගමන් එයාගේ යාළුවෙක් උන සුරූපී දියා ශර්මාව මුණ ගැහෙනවා,මෙයා දියා එක්ක සෙට් වෙන නිසා ජෝශ්නා ශ්‍රිරාම් ව අතැරලා දානවා.දියා කියන්නේ හරිම අමුතු කෙල්ලෙක්,ඒ කියන්නේ සමාජයේ මිනිස්සු ගැන ගොඩක් හිතන කෙනෙක්.දුෂිත දේශපාලකයන්ට විරුද්ධව නැගී සිටින කෙනෙක්.අසරණ මිනිස්සුන්ට උදව් කරන්න කෙනෙක්,මෙයාලා දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නවා.නමුත් දෙන්නගේ ගැලපීම් නම් හරිම අඩුයි,දියා ශ්‍රිරාම්ට වැඩිය වයසෙනුත් වැඩිමල්.දෙන්නා අතර මත ගැටුම් හට ගන්නවා.ශ්‍රිරාම් මුලින් හිතන්නේ දියා මේ කරන්නේ බොරුවක් කියලා,එයා ඒකට කැමතිත් නැහැ,ඒ නිසා බොරුවට ලෝකෙට පෙන්න ඕවා කරන්න එපා කියලා බනිනවා.දියා මේක ඇත්තක් කියලා පෙන්නන්නත් එක්ක ශ්‍රිරාම්ව අතැරලා ගුජරාටයේ ඉතාම දුෂ්කර ගම්මානයක් වෙත යනවා.
පස්සේ වසුදා,දියා නිවැරදියි කියලා ශ්‍රිරාම්ට පහදලා දෙනවා.මොකද වසුදට ඕනේ වෙලා තියෙනවා එයාගේ පෙම්වතා උන කමල් එක්ක විවාහ වෙන්න,කොහොම හරි අතිමට දියා ව හොයාගෙන යනවා.මේ ගමට යන්න පාලමක් නැහැ,මෙයාලා මේ පාලම හදන බාරදූර වැඩේ බාර ගන්නවා,හිතන තරම් පහසු නැහැ.බාධා එමටයි.නමුත් ශ්‍රීරාම් එයාගේ ආදරය දිනා ගන්න එයාට කරන්න පුළුවන් හැම කිරීමක්ම කරනවා. මම මේ ඔයාලට මේ ෆිල්ම් එක බලන්න ආරම්භයක් විතරයි දුන්නේ,මේ ගමට පාලම හදලා දීලා ශ්‍රීරාම් තමන්ගේ ආදරය දිනා ගන්නේ කොහොමද කියලා බලන්න ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
 
සිංහල උපසිරැසි මෙතැනින්. 

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!