Tuesday, December 17, 2013




ඔන්න මම කාලෙකට පස්සේ ඔයාලට හොඳ ඇක්ෂන් ෆිල්ම් එකක් අරන් එන්නයි හදන්නේ,ඔයාලා ඔක්කොම වගේ බලලා ඇතිනේ ip man ඉන්න ෆිල්ම්.Donnie Yen තමයි එයාගේ නම.එහෙනම් ඉතිං කියන්න දෙයක් නැහැනේ,නේද? හැමදාම වගේ අපේ විකියා සහෝ තමයි මට මේක කරමු පට්ට භාණ්ඩයක් කියලා කිව්වේ ඕන්. මේක නිකුත් වෙලා තියෙන්නේ ඔක්තෝම්බර් 18 වැනිදා චීනයේදී, Action | Crime | Thriller ෆිල්ම් එකක්.නමුත් ඔයාලගේ අතට මේ නිර්මාණය පත් කරන්න ටිකක් කල් ගන්න උණා,ඒකට එක හේතුවක් තමයි මේකට තවමත් ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නැති කම. ඉතිං ෆිල්ම් එකේ යන එකම පරිවර්තය කරන්න උණා.ටයිම් ලයින් හදාගෙන කරනකොට වෙනටද වැඩිය දෙගුණයක් විතර කාලය යනවා නොවැ.
හරි කතාව ගැනත් පොඩි සඳහනක් කරන්නම්.සිලොන්ග් චෙන් කියන්නේ ඇත්තම කලින් හිටිය පොලිසිකාරයෙක්, නමුත් දැන් මෙයා රහස් ඔත්තු සේවයේ තමයි වැඩ කරන්නේ, ඒ ඔහු කල වැරදි වැඩක් නිසා අයින් කරලා.මෙයාගේ එකම හීනය තමයි නැවත පොලිසිකාරයෙක් වෙන එක.මෙයා ඒ වෙනුවෙන් වැඩ කරනවා.දැන් සිලොන්ග් රහස් නියෝජිතයෙක් නිසා මෙයා නගරයේ අපරාධ කල්ලි වලට සම්බන්ධ වෙනවා හරියට අපරාධකාරයෙක් වගේම. මෙයාගේ මෙහෙයුම වෙන්නේ සිවෙයි ලූ නැත්නම් සනී කියන අපරාධකරු අල්ලන එක තමයි.සිලොන්ග් චෙන් කැප්ටන් ලී යටතේ තමයි වැඩ කරන්නේ.ඒ වගේම ජින්ග් ෆන්ග් කියලා මෙයාගේ සහයට කාන්තා නිලධාරිනියකුත් ඉන්නවා ඔන්න. සනී කියන්නේ සිලොන්ග් චෙන් කලින් යාළුවෙක් වෙලා ඉදලා පස්සේ ඇමෙරිකාවේ පදිංචි වෙලා ඉදලා නැවත ව්‍යාපාර සඳහා ඇවිල්ලා ඉන්න කෙනෙක්,එයා ආපු ගමන්ම කුන් කියන කෙනාව ඝාතනය කරලා හොංකොං වල කෝටිපතියෙක් පැහැර ගන්නවා.
පාතාලේ ලොක්කා තමයි චංග්මසියෝන්ග් කියන්නේ,ඔහුටත් ඕනේ වෙලා තියෙන්නේ සනීව ඉවරයක් කරන්න, ඒකට ඔහු ඩියෝෆෙන්ග් කියන අයෙකුට බාරදෙනවා.කොහොම හරි සිලොන්ග් මේ දෙගොල්ලෝ වෙනුවෙන්ම වැඩ කරනවා, පොලිසියට තමයි ඇත්තටම වැඩ කරන්නේ,නමුත් සනී අවසාන වෙනකොට දැන ගන්නවා සිලොන්ග් පොලිසියේ කෙනෙක් කියලා. චංග්මසියෝන්ග් නම් කලින් ඉදලම දැනගෙන තියෙනවා.නමුත් ඔහු එක පාවිච්චි කරලා සිලොන්ග්ගෙන් වැඩ ගන්න තමයි හිතන්නේ,දැන් ඇති නේද කිව්වා? සිලොන්ග්ට නැවත පත්වීම ලබා ගන්න නම් සෑහෙන දෙයක් කරන්න වෙනවා.සුපිරි ෆයිට් ටිකක් තියනවා කියලා බය නැතුවම කියන්න ඇහැකි. එහෙනම් බලන්න.තව එකක් අරන් එනකම් සමු ගන්නම්, හැමෝටම ජය පතනවා.!!!

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!