Saturday, August 30, 2014


ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ බොහොම වැදගත් සයිට් එකක් ගැන.. මුලින්ම කියන්න ඕනේ කාලෙන් කාලේට් ඩිරෙක්ට් ලින්ක් සයිට් එනවා වගේම ඒ හැම එකක්ම වැඩි කාලයක් පවතින්නේ නැහැ, නමුත් මේක නම් සෑහෙන කාලෙක ඉඳන් තියෙනවා වගේම ඉදිරියටත් පවතියි කියලා හිතන්න පුළුවන්.. කිහිප දෙනෙක් මට මේක ගැන කියන්න කියපු නිසා තමයි විශේෂයෙන්ම දාන්න හිතුවේ..මේකේ තියෙන එක අවාසියක්තමයි 1GB ටොරන්ට් ෆයිල් එකක් දක්වා පමණයි නොමිලේ බාගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ එක සැරයකට...ඊට වඩා අඩු ටොරන්ට් ඕනේ තරම් වතාවක් වගේම කිසිම ලිමිට් කිරිල්ලක් නැහැ. 1 GB වලට වඩා බා ගන්න අවශ වෙනවා නම් ගෙවීමක් කරන්න වෙනවා.
එහෙනම් බලමු කොහොමද මේකෙන් බා ගන්නේ කියලා. ඔයාලගේ කොම්පියුටර් එකේ IDM එක කලින් දාගෙන තියෙන්න ඕනේ ඔන්න. ඒ හරහා තමයි අපි මේ බා ගත කිරීම කරගන්න හදන්නේ.

 මුලින්ම මෙතන ක්ලික් කරලා සයිට් එකට යන්නකෝ..

1. මුලින්ම මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒකට මුහුණු පොත නැත්නම් ඔයාගේ මේල් එක පාවිච්චි කරන්න පුළුවන්.



2.


3.කලින් පියවර වල විදියට රෙජිස්ටර් උණහම පහත විදියට වින්ඩෝවක් ලැබේවි. පස්සේ ඒකෙ පෙන්නලා තියෙන විදියට ක්ලික් කරන්න.. ආ ඊට කලින් ඔයාලා සුපුරුදු විදියට ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඕනි හොඳද?

 4. ඊට පස්සේ ඉහත විදියට ටොරන්ට් ෆයිල් එකමේ සයිට් එකට එකතු කරගන්න. එතකොට ඔයාලට පෙනේවි පහත ආකාරයට ඒ ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් වෙනවා.









5. හරි දැන් වැඩේ ඉවරයි වගේ තමයි..










6. ඔන්න දැන් කෙලින්මIDM එකෙන්ම පහසුවෙන් බා ගන්න පුළුවන්.


7. එහෙනම් හරි නේද? තවත් දෙයක් තියෙනවා. මේ විදියට බාගත කිරීම කරනකොට ටොරන්ට් ෆයිල් එකේ තිබුණු ඔක්කොම ටික ඩවුන්ලෝඩ් වෙනවා. එහෙම නැතිව තමන්ට අවශ්‍ය ෆයිල් ටික උණත් වෙන වෙන බා ගත කරගන්න පුළුවන්. ඒ පහත පරිදි.. ඒකත් කෝකටත් බලන්න, වැදගත් වේවි ඔබට.







හරි නේද වැඩේ එහෙනම්.. මම මේ විදියට ෆිල්ම් බා ගන්න පාවිච්චි කරන්න පෙර ගෙවුම් සම්බන්ධතාවක්. ඒ ඩයලොග් KBB 50 පැකේජය. ඒ පැය දෙකට  21 Mbps ඩොන්ගල් එකකින් 15 - 18GB ප්‍රමාණයක් වගේම 7.2Mbps ඩොන්ගලයක් පාවිච්චි කරලා 7 GB - 8 GB අතර ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් පනහටක ෆිල්ම්ස්  18 - 20 ක් වගේ.. පාඩුම නැහැ නේද? :)  :)  ඔයාලත් උත්සාහ කරලා බලන්න.

 තවත් පැහැදිලි නැති තැන් තියෙනවා නම් මෙතැනින් මාව අමතන්න. ඒ වගේම මගේ බ්ලොගය ගැන ඔයාලගේ අදහස් චෝදනාත් මා වෙතඑවන්න. එහෙනම් හැමෝටම ජය කියනවා.!!!!

 

 

 

 

 

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!