Tuesday, August 26, 2014


ඔන්න එහෙනම් අද දවල් ආපු IMDb අගය 7.3 වූ පැයක් සහ විනාඩි 43 ක් පුරා දිවෙන Crime ෆිල්ම් එකක් අරගෙන එන්නයි හදන්නේ, මේ ගැන මට කිව්වේ අපේ හසා අයියා ඔන්න. සම්මාන වෙනුවෙන් නිර්දේශ වෙලා තියෙනවා කියන්නේ. නිකුත් වෙලා තියෙන්නේ ජූනි 20 වැනිදා…Twilight ෆිල්ම් සෙට් එකේ ඉන්න Robert Pattinson එහෙමත් ඉන්නවා.
හරි කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, හෙන්රි තමයි වැඩිමල් සහෝදරයා.. රේ තමයි ඔන්න මලයා.. මෙයාලා පතල් හාරන්න කියලා තමයි පිටත් වෙන්නේ. ප්‍රදේශය පාලනය කරන්නේ හමුදාව. නමුත් අතර මඟදී හමුදාව එක්ක ගැටුමක් ඇති කරගන්නවා මෙයාලා. එතැනදී රේට වෙඩි වදිනවා. හෙන්රි සහ කණ්ඩායම රේ ට තුවාල වෙලා කියලා දැන දැනත් හමුදාවට අහු වෙන නිසා රේ එතැන දාලා පැනලා යනවා. ඒ යන අතරේ ට්‍රක් එක අනතුරකට මුහුණ දෙනවා. එරික් කියන කෙනාගේ කාර් එක මෙයාලා උස්සලා පැන ගන්නවා. එරික් මෙයාලා පස්සේ පන්නන්න ගන්නවා. මේ අතරේ තුවාල ලැබූ රේ මේ එරික්ට මුණගැහෙනවා..
දැන් මොකද වෙන්නේ. බලන්න එහෙනම්? තවත් කියන්නේ නැහැ….
එහෙනම් දැනට සමු ගන්නම්.. මම කලින් පොස්ට් එකේදී කිව්වනේ සිංහලෙන් බලන්න කැමති රුපවාහිනි කතා මාලාවන් ගැන අපේ යාළුවන්ට කියන්න කියලා. ගොඩක් අය අදහස් දක්වලා තිබ්බා, සියල්ලෝටම ස්තුතියි වගේම හෙට අනිද්දට සුපිරි රුපවාහිනි කතා මාලාවකින් මුණ ගැසෙමු.. එහෙනම් හැමෝටම ජය පතනවා…!!!!

සිංහල උපසිරැසි මෙතැනින් ලබා ගන්න.





0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!