Saturday, August 2, 2014





ඊයේ ආපු සුපිරිම හින්දි සලරුවක් අරගෙන තමයි මේ සැරේ ගොඩ වදින්න හදන්නේ. අක්ශේ කුමාර් ගේ කොමඩිත් එක්ක ඇක්ෂන් ෆිල්ම් එකක්, බලමු නෙහ් එහෙනම්. හින්දි ෆිල්ම් බලන අපේ යාළුවෝ මේක එනකම් නොයිවසිල්ලෙන් ඉන්නේ කියල දන්නවා, ඒකනේ මේ පුළුවන් ඉක්මණට ගෙනාවේ. අක්ශේ ට අමතරව මේකේ සොනක්ෂි සින්හා ඉන්නවා. ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ ජූනි 6 වැනිදා. Ghajini (2008), Thuppakki (2012) වගේ සලරූ අධ්‍යක්ෂණය කල A.R. Murugadoss තමයි මේකත් කරලා තියෙන්නේ. IMDb එකට අනුව 7.8 ක් ලැබිලා තියෙනවා කියන්නේ. එහෙනම් ඉතින් හොඳම වෙන්න ඕනේ නෙහ්.. :) :) :)
හරි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. විරාට් කියන්නේ ඉන්දියන් හමුදාවේ ඉන්න කෙනෙක්. ඒ වගේම එයා රහස් ඒජන්ත කෙනෙක් හැටියටත් වැඩ කරනවා. ඔන්න ඉතින් මාස එකොළහක් එක දිගට රාජකාරි කරලා දින හතලිහක නිවාඩුවට ගෙදර එනවා. ඒ අපු ගමන්ම, මෙයාට කෙල්ලෙක් බලන්න තමයි අම්මලා එක්කන් යන්නේ. :P :P මොකද දැන් කල වයසත් පහු වේගෙන හින්දා. එයා තමයි සයිබා. විරාට් මුලින් කැමති වෙන්නේ නැහැ මොකද එයා හිතන් හිටිය ආකාරයේ කෙනෙක් නෙමේ කියලා හිතුන නිසා.නමුත් පස්සේ හිත වෙනස් වෙනවා. මේ අතරේ මුම්බායි වලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. විරාට් ඒ පස්සේ යනවා ඊට පස්සේ. මුකුන්ඩ් තමයි මෙයාගේ පොලිසියේ ඉන්න යාළුවා වෙන්නේ. එයා උදව් කරනවා මේ වැඩේ කරන්න.ත්‍රස්තවාදී ලොක්කා අල්ලා ගන්න මෙයාලට ලොකු මෙහෙයුමක් දියත් කරන්න වෙනවා.මේක කොහොමද කරන්නේ කියල දැනගන්න ෆිල්ම් එක බලන්න එහෙනම්.

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!