Saturday, August 2, 2014

 

අද මේ එකතු වෙන්නේ අලුත්ම සහ මේ අවුරුද්දේ නෙමේ ගිය අවුරුද්දේ ඉඳන් කතා බහට ලක් වූ ජනප්‍රිය හොලිවුඩ් සලරුවක්. උඩ තියෙන පින්තූරය දැක්කම හැමෝම දන්නවා මේ මොකද්ද කියලා. ජනප්‍රිය පරිඝනක ක්‍රීඩාවක් වන Need for Speed පාදක කරගෙන තැනු මේ චිත්‍රපටය මේ වසරේ මාර්තු මාස 14 වන දින සිට ලොවපුරා තිරගත කිරීම් ආරම්භ කලා. IMDb චිත්‍රපට දර්ශකය අනූව දැනට ලකුණු 7.1 ලබාගෙන සිටින මේ සලරුව සඳහා නිෂ්පාදන පිරිවැය වෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 66ක්. ඒ වගේම ලොවපුරා අදායම වශයෙන් දැනට ඩොලර් මිලියන 203.3කට සඳහා හිමිකම් කියනවා.  ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රූපගත කර ඇති මේ චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ආයතන තුනක් සම්බන්ධ වෙලා තියෙනවා. DreamWorks SKG, Reliance Entertainment, Electronic Arts තමයි ඒ සමාගම් තුන. Electronic Arts කියන්නේ මොකද්ද කියලා වීඩියෝ ගේම් රසිකයෝ හොඳටම දන්නවා. EA නාමය යටතේ එළිදැක්වෙන්නේ ඒ සමාගමේ පරිඝනක ක්‍රීඩා තමයි. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය Scott Waugh සහ රංගන දායකත්වය Aaron Paul, Dominic Cooper වගේ නළුවන්ගෙන්ද සමන්විත වෙනවා. Aaron Paul ගැන කියනවා නම් මෙයාව බ්‍රේකින් බෑඩ් රූපවාහිනී කතා මාලාව තුලින් ජනප්‍රිය උන චරිතයක්. ඉතින් මේ කිව්වේ මේ චිත්‍රපටයේ වට පිටාව පසුබිම ගැන. එහෙනම් කතාවට පැත්තට අපි අවධානය දෙමු.
ටෝබි මාර්ෂල් සහ ඩීනෝ බෘස්ටර් කියන්නේ කුඩා කාලයේ ඉඳන් කාර් රේස් වලට හුරු උන දෙන්නෙක්. මේකට දෙන්නගෙම පියවරුන්ගෙන් සහය ලැබිලා තියෙනවා. මේ දෙන්න පොඩි කාලේ ඉඳන්ම කරට කර තරඟ වැදුන දෙන්නෙක් එත් ඕනෙම තරඟයක ඉන්නේ එක ජයග්‍රාහකයෙක් පමණයි. ඉතින් මේ කුඩා කාලේ ඉඳන් පැවැත්වුන තරඟ වල ජයග්‍රාහකයා උනේ ටෝබි මාර්ෂල්. ඒ වගේම මේ ගැන ඩීනෝට තියෙන්නේ ඉරිසියාවක් සහ තරහක්. ඒ පළමුවෙනියා වෙන්න බැරිකමට හැමෝගෙම වගේ හිතේ ඇතිවෙන සාමන්‍යය දෙයක්. ඉතින් ටෝබි මාර්ෂල්ට කාගේවත් එදිරිවාදිකම් ඉරිසියාවන් එයාගේ ගමනට බාධාවක් කරගත්තේ නැහැ. එයා තමන්ගේ වැඩේ අකුරටම ඉෂ්ඨ කළා. ඒ කියන්නේ ඩීනෝට ටෝබි මාර්ෂල් පරදවා ඉදිරියට එන්න ලබිලම නැහැ. එත් වසර ගානකට පසු  මේ දිනිය නොහැකි තරඟය ජය ගන්න ඩීනෝ උත්සාහයක් ගන්නවා. මේ වෙනකොට ටෝබි වාහන අලුත්වැඩියා කරන නවීකරණය වැඩපොළක් කරගෙන යනවා. ඒ වගේම ටෝබි දැන් ටිකක් ආර්ථික අතින් අපහසු අවදියක. එයාගේ පියාගේ අභාවයෙන් පස්සේ ණය බරෙන් තරමක විතර හෙම්බත් වෙලා ඉන්නේ. මේ වගේ මොහොතක තමයි ඩීනෝ එන්නේ ටෝබිගෙන් යම් උදව්වක් බලාපොරොත්තුවෙන්. ඉතින් මේක ටෝබිට කරන උදව්වක්ද එහෙමත් නැත්තන් ඩීනෝ එයාටම කරගන්න උදව්වක්ද? ඒක දන්නේ ඩීනෝම තමයි මේ ගැන දැනගන්න මෙන්න එහෙනම් හැමෝටම බාරයි විනාඩි 132ක් පුරා රෝද හතරක් උඩ ගෙවෙන වේගවත් ධාවනයක් සමඟ එකතු වෙන්න. ගිහින් එන්නම් එහෙනම් හැමෝටම ජය වේවා!!
තව දෙයක් මේ උපසිරස කලින් දෙන්න බාරගෙන තිබුනේ අපේ සහෝදරියක්. ඉතින් එයාට මේ සතිය තරමක කාර්යබහුල සතියක්. ඒ වෙනුවෙන් අඩුව පුරවන්න ලැබුනේ මට. හිතනවා ඒ සහෝදරිය ඒ ගැන කිසිම අමනාපයක් නැතුව ඇති කියලා.

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!