Saturday, October 5, 2013

ඔයා වගේම තවත් කෙනෙක් බම්බුනොත්...... 

ඔන්න යාලුවනේ මං මේපාරත් සුපිරිම බාන්ඩයක් අරගෙන ආවා.මං නෙට් එකේ අලුත් ෆිල්ම්ස් ගැන බල බල ඉන්නකොට තමයි මේක හම්බුනේ.මේ වගේ එකක් මං නම් කලින් බලලා නැහැ.මං හිතන්නේ නැහැ ඔයාලත් බලල ඇති කියලා..බැලුබැල්මට නම් පෙන්නේ ආදර කතාවක් කියලා.මේක ආදර කතාවක්ම නේම්..මේක නම් හරිම අත්බුත  ෆිල්ම් එකක්.. Sci-Fi | Thriller කියන වර්ගීකරණයට  තමයි දාල තියෙන්නේ.ඒ වගේම මේකේ හොද කොපියක් ඇවිත් තවම වැඩි දවසක් නැහැ.පොඩ්ඩක් හිතන්න ඔයාවම ඔයාගේ මුණ ඉස්සරහට ආවොත් මොකද වෙන්නේ කියලා.මොකද කරන්න ඕනේ කියලා හිතා ගන්නවත් බැහැ නේද?

ජිල් (Ashley Hinshaw) සහ ඩේවිඩ් (Rhys Wakefield) තමයි මේකේ ආදරවන්තයෝ දෙන්න..එයාල ගොඩක් ආදරෙන් ඉන්නවා.නමුත් ඩේවිඩ් වැඩේ වන කර ගන්නවා. හදිස්සියේ වෙන කෙල්ලෙකුට කිස් එකක් දෙන්න ගිහින්.කොහොමහරි මේක ජිල් දැකලා තරහ වෙනවා.ඩේවිඩ් ගේ අතිජාත මිත්‍රයා තමයි ටෙඩි(Logan Miller)කියන්නේ...පස්සේ කට්ටියම පාටි එකකට සෙට් වෙනවා.එතැනදී තම මේ අරුම පුදුම වැඩේ වෙන්න පටන් ගන්නේ.මං මුලින්ම කිව්වනේ ජිල් සහ ඩේවිඩ්  තරහ වෙනවා කියලා.ඉතින් දැන් ඩේවිඩ් ට ඕනේ ආයෙත් ජිල් වල යාලු කර ගන්න..පාටි ඒක යන අතරේ කොහොම හරි ඩේවිඩ් ජිල් ව කාමරේකට එක්කන් ගිහින් මේ ගැන කතා කරනවා..එත් වැඩේ හරි යන්නෙම නැහැ..ජිල්ටත් ඕනේ වෙලා තියෙන්නේ ඩේවිඩ් ගෙන් වෙන් වෙන්න.මොකද ඩේවිඩ් හරිම ඒකාකාරී නිසා..මේ දෙන්න කාමරේ ඉන්න අතරේ ලයිට් යනවා..ලයිට් එනකොට ජිල් එතන නැහැ..මොකද දන්නවද වෙලා තියෙන්නේ..යම් කාල පරතරයක් ඇතුව හැමකෙනාගේම පිටපතක් ඇතිවෙලා..කොහොමද දැන් වැඩේ..මේ අලුතෙන් හැදුනු පිටපත් නියම  කට්ටිය කරපු ඒවම නැවත කරනවා..එහෙම නැත්නම් කාලය හරහා පස්සට ගිහිල්ලා කිව්වොත් හරි..දැන් මොකද වෙන්නේ?මේක මුලින්ම දැන ගන්නේ කිහිප දෙනෙක් විතරයි..මේකේ අවධානම අනිත් අයට කිව්වට ගණන් ගන්නෙම නැහැ..මොකද මේක පාටි එකක්නේ..ඔක්කොම හොදට බිලා ඉන්නේ...මේ අතරේ ඩේවිඩ් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ජිල් ව යාලු කර ගන්න හදනවා..මොකද එයා දැන් ජිල් ගැන දන්නවනේ...ඔයාල මොකද හිතන්නේ අන්තිමට මොකද වෙන්නේ කියලා? ඒක ඔයාලට ෆිල්ම් එකේ අන්තිම විනාඩි කිහිපය වෙනකන්ම දැනගන්න ලැබෙන්නේ නැහැ....අන්තිමට කව්රු ඉතුරු වෙයිද? ජිල්ට සහ ඩේවිඩ් ට මොකද වෙන්නේ? පිටපත් ටික මොනවා වෙයිද? අනේ මන්ද නේද..පිස්සු වගේද? නැහැ එහෙම වෙන්නේ නැහැ නේ ෆිල්ම් ඒක අවසාන වෙනකම් ඒක හුස්මට බැලුවොත් එහෙම...මං කියෙව්වා  පොඩ්ඩක් වැඩි වගේ..එහෙනම් මං කැපුනා..හැමෝටම ජය
.........


0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!