Monday, October 7, 2013





”මට කිසිම අදහසක් නැහැ වස්තුවේ”
”ඔයාගේ ආදරේ මාව කොහෙටද මේ අරන් යන්නේ කියලා.”


මේක මේ ෆිල්ම් එකේ සිංදුවක තිබ්බ පද පේලියක්.ආදරයේ සමහර වෙලාවට සිනිදුයිලු තවත් විටෙක හරිම රළුයිලු…වෙලාවකට තරු අස්සේ හැංගිලා මුමුණන්න ඕනෙලු..අනේ මන්දා…
ඔන්න මං හා හා පුරා කියලා හින්දි සිනමාවටත් අත ගැහුවා..භාෂාව හරියට තේරෙන්නේ නැති නිසා මට හින්දි උපසිරැසි මුලින් කරන්න බැරි වෙයි කියලා තමයි හිතුවේ.නමුත් ඒක ඒ තරම් අමාරු නැහැ කියල මේක කරගෙන යනකොට තමයි තේරුනේ..හරි ඒක ඇති දැන්..මං මුලින්ම අරන් ආවේ අලුත්ම අලුත් ෆිල්ම් එකක්, මේ නිකුත් වෙලා තියෙනේ ජුලි 26 වැනිදා.පැය දෙක හමාරකට ආසන්න කාලයක් මේ ෆිල්ම් ඒක ධාවනය වෙනවා..ඒ උනාට කිසිම කම්මැලියක් නැතුව ඒක දිගට බලන්න පුළුවන්.මොකද ක්‍රියාදාම එහෙම හරි හරියට තියෙනවා.ෆයිට් යන අතරේ ලස්සණම ලස්සණ ආදරය අන්දරයකුත් දිග හැරෙනවා.. ඔන්න මම සිංදු ඔක්කොටමත් උපසිරැසි දැන්ම.මොකද සිංදුවල නියම තේරුමක් තියෙනවා..ඒක මේක බලන අපේ යාළුවන්ගේ රසවින්දනය තවත් වැඩි කරන්න වැදගත් වෙයි කියලා හිතුනා..

හරි මං දැන් පොඩ්ඩක් කතාව පොඩ්ඩක් කොටන්නම්.ප්‍රධාන වශයෙන්ම පාදක වෙලා තියෙන්නේ ගංගා නම් ගගේ වැලි නිධියක් බෙදා ගන්න කරන සටනක් හැටියට..නගරගේ ඉන්න මාෆියා කල්ලි මේක වෙනුවෙන් සටන් වදිනවා.මේක පාරම්පරික යුද්ධයක්.ඒ කියන්නේ මේ මාෆියා කල්ලි වල පාරම්පරික යුද්ධයක්..මිශ්රා විෂ්වනාරායන් සහ කාෂිප් මනෝරා කියන දෙන්න තමයි මේ කල්ලි වල ලොක්කෝ දෙන්න.තව මැද්‍රාස් කියලා නායකයෙක් ඉන්න තව කල්ලියක් තියෙනවා..එයාගෙත් ලොකු මැදිහත් වීමක් තියෙනවා.එයාලත් එයාලගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා.මිෂ්රා ගේ පුතා රාහුල් තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්නේ..මුරාරී සහ බිහාතා තමයි එයාගේ හොදම යාලුවෝ දෙන්න.රාහුල් කාෂිප් මනෝරා ගේ දුව වන බාච්චී එක්ක ආදරෙන් බැදෙනවා.කොහොමද වැඩේ..කොහොමහරි මේ ලව් ඒක කාෂිප් මනෝරා ගේ බෑනා වන ටිටා ට දැනගන්න ලැබෙනවා..ටිටා තමයි කාෂිප් පවුලේ බිස්නස් ඔක්කොම පාලනය කරන්නේ.පස්සේ ප්‍රිතම් කියලා ඒ පැත්තේ පොලිස් ලොක්කෙකුට බච්චී ව බන්දලා දෙන්න හදනවා..
හරි ඇති නේද කතාව කිව්වා..ඔක්කොම කිව්වොත් කිසිම කුතුහලයක් නැති වෙයි..මේ ෆිල්ම් එකේ අවසානය අනිත් හින්දි ෆිල්ම් වල ඒකාකාරී අවසානය වැඩිය වෙනස්..හරි එහෙනම් බලන්න.අනිත් ෆිල්ම් වලට වැඩිය මේකට ටිකක් මහන්සි උණා..මොනවා හරි ලියලා යන්න..මොකද ඔයාලගේ අදහස් අනුව තමයි තවත් මේ වගේ ෆිල්ම් අරන් එන්න පුළුවන් වෙන්නේ.එහෙනම් මං කැපුනා…හැමෝටම ජය පතනවා……….

මෙතනට කොටලා ෆිල්ම් එකයි උපසිරැසියි ගන්න.. 

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!