Wednesday, November 6, 2013

2012 ජුනි මාසේ නිකුත් වූ Teri Meri Kahaani ෆිල්ම් එකේ ඉදලා වසරක පමණ නිහැඩියාවකට පස්සේ Shahid Kapoor ඔන්න නැවතත් කරලියට ඇවිල්ලා,මේ ෆිල්ම් එක සම්මානනීය අධ්‍යක්ෂ Rajkumar Santoshi ගේ නිර්මාණයක්.ගොඩක් කට්ටිය එනකම් බලන් හිටිය ෆිල්ම් Action | Comedy එකක්.මේක තමයි මම දැනට කරපු දිගම උපසිරැසිය ඕන්,ඒ නිසා මේකට ටිකක් වැඩි පුර මහන්සි වෙන්න උණා.
කොල්ල තමයි විශ්වාස් රාඕ..එයාගේ තාත්තා එයාලව පොඩි කාලෙම දාලා යනවා.ඔහු පොලිසියේ හිටිය දුෂිත නිලධාරියෙක්,ඒ නිසා රාඕගේ අම්මට ඕනේ උනේ තමන්ගේ පුතාව අවංක පොලිස් ලොක්කෙක් කරන්න.ඒ වෙනුවෙන් අම්මා ගොඩක් මහන්සි වෙනවා.නමුත් කොල්ල කැමති නැහැ.එයාට ඕනේ බොලිවුඩ් වල පට්ට නළුවෙක් වෙන්න.කොහොමහරි එයාට මුම්බායි යන්න අවස්ථාවක් සෙට් වෙනවා.නළුවෙක් වෙන්න නම් නෙමේ,ඒ පොලිස් පරීක්ෂණයකට සහභාගී වෙන්න.මෙයා නළුවෙක් වෙන්න උපරිම උත්සාහයක් ගන්නවා.නළුවෙක් වෙන්න පින්තූර ගන්න පොළිස් ඇදුමක් අදින්න සිදු වෙනවා.ඇදන් අපු අඩුම නැති වෙලා පොළිස් ඇදුම පිටින්ම පාරට බහින්න වෙනවා,ඇත්ත පොලිස් කාරයෙක් කියල්ල හිතාගෙන එකපාටරම කෙල්ලෙක් මෙයාගෙන් උදව් ඉල්ලන් එනවා,ඒ තමයි ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය…එයා කාජල්.කාජල් සමාජ සේවිකාවක් වගේම වාර්තාකාරියක්.ඇය නගරයේ මොකක් හරි වැරද්දක් වෙනවා නම් පොලිසියට වාර්ථා කරනවා.
පාරේ යනගමන් මගදී සල්මන් ඛාන් වත් හම්බවෙලා සමරුවකුත් ගන්නවා.කොහොම හරි නගරයේ ප්‍රසිද්ධ වෙලා පත්තරෙත් පින්තුරයක් යනවා.ඒක ගමේ ඉන්න අම්ම දැකලා එයාට මාර සතුටුයි.නගරයේ පොලිස්ස්ථානාධිපති තමයි ඝෝප්‍රඩේ කියන්නේ.එයා ගුන්දප්පා කියන ඒ පැත්තේ මැරයට යට වෙලා ඉන්නේ,කොහොම හරි අපේ නළු බට්ටාගේ අම්මා එයාගේ පුත්‍රයා බලන්න හිතාගෙන මුම්බායි එනවා,අම්මගේ හිතේ රාඕ ඇත්තටම පොලිසියේ කියලා,ඒ නිසා රාඕ ලොකු අමාරුවක වැටෙනවා,ඇත්ත පොලිස්කාරයෙක් නොවුනත් නගරයේ මංකොල්ල නවත්තන්න වෙනවා,ඉතින් හොද ෆයිට් ටිකකුත් යනවා,කොහොමහරි නැපෝලියන් ප්‍රමුඛ මැර කණ්ඩායම් එකතු වෙලා සුදු අලියා මෙහෙයුම පටන් ගන්නවා.කොකේන් මත්ද්‍රව්‍ය තොගේකුත් නගරයට එනවා,ඒ වගේම ජීව රසායනික අවි ප්‍රහාරයකුත් සිදු වෙනවා.කවුද මේ එතකොට නැපෝලියන් කියන්නේ? අනේ මං දන්නේ නැහැ ඕන්.බලලම දැන ගන්න වෙයි?

ෆිල්ම් එකයි සබ් එකයි මෙතැනින් ගන්න. 

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!