ඔන්න මම පසුගිය අගෝස්තු මාසේ 16
වැනිදා නිකුත් උන Thriller ෆිල්ම් එකක් අරන් එන්නයි හදන්නේ,හොද කොපියක්
නිකුත් වෙලා දැන් දවස් දෙක තුනක් වෙනවා.The Expendables 2,The Hunger Games
වගේ ෆිල්ම්ස් වලට රංගනයන් දායකවූ Liam Hemsworth(ඇඩම්) තමයි ප්‍රධාන චරිතය
කරන්නේ. Robert Luketic තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ.නව තාක්ෂණය
යොදා ගනිමින් නව සොයා ගැනීම් කරන ආයතන දෙකක් වටා තමයි මේ කතාව ගොඩ නැගිලා
තියෙන්නේ,ජෝක් ගොඩාඩ් සහ වයිට් ක්‍රොප් දෙදෙනාම මුලින් යාළුවෝ,ඒ කියන්නේ
එකම කොම්පැණියේ ලොක්කෝ දෙන්නෙක්,නමුත් බල තන්හාව නිසා වයිට් තමන්ගේම
ව්‍යාපාරයක් පටන් ගන්නවා,එකේ තමයි ඇඩම් මුලින්ම වැඩ කරන්නේ,නමුත් ජෝක්
කොම්පැණියෙන් නව සොයා ගැනිමක තොරතුරු සහ දත්ත හොරකම් කරන්න වයිට් ඇඩම්ව
පාවිච්චි කරනවා,මොකක්ද අලුත් උපකරණය,ඒක නම් සුපිරිම පහරක් තමයි.ඔයාලා
දන්නවනේ GPS තාක්ෂණය පිළිබදව,මේක එතැනින් එහාට ගිය එකක්..මම ෆිල්ම් එකේ
තිබ්බ දෙබස් ටිකක් උපුටා ගන්නම්,එකෙන් දැන ගන්න පුළුවන් වෙයි මේ මොකක්ද
කියන එක පිළිබදව,
ඔයාට GPS වලින් කියන්න
බැහැ හරියටම එයා ඉන්නේ පළවෙනි තට්ටුවේද එහෙම නැත්නම් නමවෙනි තට්ටුවේද කියන
එක පිළිබදව.නමුත් මේකට පුළුවන්..මුදල් පසුම්බියක් අවශ්‍ය නැහැ,යතුරු ඕනේ
නැහැ. ඒක ඔයාගේ රියදුරු බලපත්‍රය වෙන්න පුළුවන්,ඔයාගේ ක්‍රිඩිට් කාඩ් එක
වෙන්න පුළුවන්.,හරිම සිහින්.නම්‍යශීලි,බැටරියට ඒක මගින්ම ආරෝපණය කර ගන්න
පුළුවන්,ඒක දැන ගන්නවා ඔයා කොහෙද ඉන්නේ කියලා,ඔයා කාත් එක්කද ඉන්නේ
කියලා,ඔයාගේ පෞද්ගලික තොරතුරු පවා,අයවැය තොරතුරු,ඔයාගේ සෞඛ්‍ය, ඔයාගේ
කාලසටහන.ඒක දැනගන්නවා ඔයා කවුරුද කියන එක,ඔයාගේ හැමදේම……
කොහොමද මේ වගේ එකක් ආවොත් එහෙම ඇත්තටම,හිතා ගන්නත් බැහැ නේද,එහෙනම් බලන්න.තවත් නිර්මාණයක් අරන් එන්නම්.හැමෝටම ජයෙන් ජය පතනවා!!!!!
0 comments:
Post a Comment