Tuesday, November 19, 2013




තවත් හින්දි ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් එකට ගොඩ වදින්නයි හදන්නේ.මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ නම් මැයි මාසේ තුන් වැනිදා..මම දන්නේ නැහැ ඇයි මේක එන්න ඒ තරම් පරක්කු උනේ කියලා නම්..මේ ෆිල්ම් එකේ තියෙන විශේෂත්වය තමයි Talaash(2012) එකෙන් පස්සේ Rani Mukerji ගේ රංගනය..Zoya Akhtar,Dibakar Banerjee,Karan Johar,Anurag Kashyap..කවුද අප්පේ මේ කට්ටිය..මෙයාලා තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ,ඒත් ඇයි මේ හතර දෙනෙක්..ඔයාලට ෆිල්ම් එක බලාගෙන යනකොට ඒක දැන ගන්න ඇහැකි වෙයි.
අනේ මන්දා,මේකේ කතාව කියන්න කොහෙන් පටන් ගන්නවද කියලා හිතා ගන්න බැහැ.හරි එහෙනම් මෙහෙම කියමුකෝ..ගයත්‍රී කියන්නේ බොලිවුඩයේ ඉන්න සුපිරි තාරකාවන්ගේ ඕපාදුප යන පත්තරේක වැඩ කරන කෙනෙක්..ඇයගේ මහත්තයා තමයි දෙව් කියන්නේ.එයා දේශපාලන විශ්ලේෂකයෙක් සහ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙක් විදියට නාළිකාවක වැඩ කරනවා.ගයත්‍රිට එයාගේ කාර්යාලයට එන අවිනාෂ් කියලා අළුත් සේවකයෙක් සෙට් වෙනවා.එයා සමලිංගිකයෙක්,ඉතිං ගයත්‍රී කිසි බයක් නැතුව එයාව යාලුවෙක් කර ගන්නවා.පස්සේ එයා ගේ උපන්දිනේ දවසේ එයාව ගෙදර එක්කන් එනවා..මාර වැඩේ වෙන්නේ,අවිනාෂ් දෙව් ට සෙට් වෙනවා..අන්තිමට මේක ගයත්‍රි දැන ගන්නවා..
ඔයාලම බලන්නකෝ එහෙනම්..මේ ෆිල්ම් එකට අමිතාබ් බච්චන් සම්බන්ධ වෙන්නේ කොහොමද?? ෆිල්ම් ඒක කොතැනින් අවසාන වෙනවද? මම මේ ෆිල්ම් එකට මේ නම දෙන්නත් හේතුව අන්තිමට ඔයාලා දැන ගනීවි.ආආ තව එකක් ෆිල්ම් එක අවසානයේ තියෙන සිංදුවත් බලන්න අමතක කරන්න එපා ඔන්න.. එහෙනම් තවත් එකකින් හමුවෙනකම් සමු ගන්නම්.හැමෝටම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා…!!!


700MB ඩිරෙක්ට් ලින්කුව(300mbfilms)
සිංහල උපසිරැසි මෙතැනින් ගන්න.

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!