Monday, November 18, 2013



මගේ විසිපස් වැනි උපසිරැසි නිර්මාණයක් අරන් බයිස්කෝප් එකට ගොඩ වදින්නයි ඔන්න හදන්නේ. මම ප්‍රථම වතාවට තමයි මේ වගේ ඇනිමේෂන් එකකට උපසිරැසි දෙන්න යොමු උනේ, වෙනසක් තියෙන්නත් එපැයි කියලා තමයි මම මේක කරන්න අපේ විකියා සහෝ ගෙන් බාර ගත්තේ ඔන්න. මොකද ගොඩක් කට්ටිය මේ ෆිල්ම් එකට උපසිරැසි දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුණා. ටිකක් කරගෙන යනකොට තමයි හිතුණේ මේකත් නියම ෆිල්ම් එකක් නොවැ කියලා. මේකේ හොද කොපියක් නම් නිකුත් වෙලා දැනට දවස් කිහිපයක් වෙනවා, Raja Gosnell තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ.. මේකේ පළමු කොටසත් බලලා ඇතිනේ නේ. මම එහෙනම් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙන්නම්කො. ස්මර්ෆ්ලා කියන්නේ නිල් පාට පොඩි සත්තු ජාතියක්.. පොඩි උනාට එයාලාගේ වැඩ නම් ඉතින් පොඩි නැහැ. එයාලගේ ගම්මානයට ඉන්න ලොකුම සතුරා තමයි ගාගමෙල් කියන්නේ. එයා මේ ස්මර්ෆ්ලව අල්ලලා එයාලගේ සාරය අරගන්නවා, ඒක හරියට මැජික් තෙලක් වගේ එකක්. ඔහු ඒක පාවිච්චි කරලා මැජික් සංදර්ශන පවත් වනවා. ඒ මුළු ලෝකයේම ප්‍රසිද්ධ ප්‍රංශයේ ඔපෙරා නිවහනේ. මෙයාට දිගටම මේ සංදර්ශන පවත්වන් යන්න ඕනේ නිසා ස්මර්ෆ් සාරය හොයා ගන්න වෙනවා. ඒකට මෙයා මේ ගම්මානයට ගිහිල්ලා ස්මර්ෆ්ලව අල්ලා ගන්න ඕනේ, එහෙම නැත්නම් ස්මර්ෆ්ලව හදන්න ඕනේ. මෙයාට ස්මර්ෆ්ලව හදන්න පුළුවන් උනාට නිල් පාට එන්නේ නැහැ හොඳද?? මේ වගේම ස්වභාවික නිල්පාට නැති ස්මර්ෆ් කෙනෙක් මේ ගම්මානයේත් ඉන්නවා එයාට කියන්නේ ස්මර්ෆැටි කියලා, නමුත් එයාව එයාගේ තාත්තා ඇත්ත අය වගේම නිල් කරලා තියෙන්නේ, ඉතිං ගාගමෙල් හිතනවා අන්න ඒ නිල්පාට කරන වට්ටෝරුව හොයා ගත්තොත් එයාගේ වැඩේ හරි කියලා ඔන්න. ඒක නිසා එයා එයාගේ හැක්කස් සහ වෙක්සි කියන ගෝලයෝ දෙන්නගෙන් වෙක්සි ව යවනවා ස්මර්ෆැටිව අල්ලන් එන්න. එයා අල්ලන් එනවා. තව අස්රියෙල් කියලා ගාගමෙල්ට පූස් තඩියෙකුත් ඉන්නවා. එයා නම් හරිම ෂෝක්, නියම ෆන් වැඩ කරනවා. පස්සේ ස්මර්ෆැටිගේ තාත්තයි තවත් ස්මර්ෆ්ලා තුන් දෙනෙකුයි (වැනිටි, ග්රෝන්චි, ක්ලම්සි) ස්මර්ෆැටිව හොයාගෙන එනවා. එයාලා අඳුනන මනුස්ස පවුලක් ඉන්නවා. තාත්තා පැට්ට්‍රික්, අම්මා ග්‍රේස්, පුතා බ්ලු, සීයා තමයි වික්ටර් කියන්නේ ඕන් ඈ.. මුලින්ම මෙයාලා මේ කස්ටියට එකතු වෙලා ස්මර්ෆැටි හොයන වැඩේ පටන් ගන්නවා ඔන්න. හිතන තරම් වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ, මොකද ගාගමෙල් හරිම කපටියා. එයා ස්මර්ෆැටි ගෙන් වට්ටෝරුව අහගන්න හැම උත්සාහයක්ම යොදනවා. හැක්කස් සහ වෙක්සි මේ සාරය නොමැති නිසා මැරෙන්න යනවා, ඉතිං ස්මර්ෆැටි ගොඩක් සංවේදී කෙනෙක් නිසා දුක හිතිලා හැක්කස් සහ වෙක්සි බේරා ගන්න උදව් වෙනවා, ඉතිං එයාලව බේරා ගන්න ඕනේ වෙන නිසා වට්ටෝරුව ලබාදෙනවා. දැන් මොකක් වෙයිද?? ගාගමෙල්ට කොයිතරම් මායා බලයක් ලැබෙයිද?? ස්මර්ෆැටිව බේරා ගන්න මෙයාලට පුළුවන් වෙයිද?? එහෙනම් බලන්න. බලලා මොනවා හරි ලියලා යන්න, අපි මේ කරන වැඩේ හොඳ නරක පිළිබදව.. එහෙම උනොත් තමයි ඔයාලට මේ වගේ තව නිර්මාණයන් අරන් එන්න හැකියාව ලැබෙන්නේ.. එහෙනම් තව එකක් අරන් එනකම් සමුගන්නම්, හැමෝටම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා…!



700MB කොපිය මෙතැනින් ගන්නා(300mbfilms)
සිංහල උපසිරැසි මෙතැනින් ගන්න.

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!