Sunday, November 24, 2013



මේ පාර මං අරන් එන්නේ සුපිරි දකුණු කොරියානු ඇක්ෂන් ෆිල්ම් එකක්.හැම ජාතියකම ෆිල්ම් කරන්න එපැයි නේද? මොකද අපේ සයිට් එකට ගොඩ වදින ප්‍රේක්ෂකයෝ විවිධාකාරයි.හැමෝටම සාධාරණ වෙන්න නම් අපි විවිධ නිර්මාණ තෝරා ගන්න ඕනේ කියලයි මගේ අදහස.ඒ ගැන මොකද ඔයාලා හිතෙන්නේ?? “Gam-si-ja-deul” (original title) කියලා තමයි මේ ෆිල්ම් එකේ නම දීලා තියෙන්නේ,නිකුත් උනේ නම ජුලි මාසේ තුන් වැනිදා.පැය දෙකක ධාවන කාලයකින් යුතුයි.
පුරුද්දට වගේ ෆිල්ම් එක ගැනත් ටිකක් කියන්නම්,සෝල් අගනුවර ඉන්න මැර කල්ලියක් සහ ඔවුන්ව ලුහුබඳින්න උත්සාහ කරන පොලිස් කණ්ඩායමක් වටා තමයි කතාව ගොඩ නැගිලා තියෙන්නේ,මම මෙහි එන නම් ගම් ගැන කියන්න යන්නේ නැහැ මොකද සිංහල අපේ උච්චාරණය වැරදෙන නිසා..ෆිල්ම් එක පටන් ගන්නකොටම මේ කණ්ඩායම බැංකුවක් මංකොල්ල කනවා,ඒක කරන්නේ බැංකුවට යාබද ගොඩනැගිල්ලේ කාර් පාක් එකේ බෝම්බයක් පුපුරුවා හැරලා,මොකද එතකොට පොලිසියේ අවධානය ඒ වෙත යොමු වෙන අතරේ බැංකුව ලෙසින්ම මංකොල්ල කන්න ඇහැකි වෙන නිසා.කොහොම හරි පළමු වැඩේ නියමෙට දෙනවා.ඒත් පොලිසිය ඒකෙන් සාක්‍ෂි එකතු කරගෙන මෙයාලා ගැන දිගටම හොයනවා.මේ මංකොල්ල කණ්ඩායම මීලඟ වැඩෙත් සලසුම් කරනවා,නමුත් පොලිසියේ උකුසු ඇස නිසා ඒ වැඩේ නම් සාර්ථක වෙන්නේ නැහැ.
නමුත් ලොක්කව අල්ලා ගන්න නොහැකි වෙනවා….ඔන්න ඔහොම තමයි කතාව තියෙන්නේ..මම සරලව කිව්වේ,මේ ෆිල්ම් එකේ අවසානය මොකක් වෙයිද කියලා දැන ගන්න නම් ඉතිං බලන්නම වෙනවා.තවත් නිර්මාණයක් අරන් එනකම් තාවකාලිකව සමුගන්නම්,හැමෝටම ජයෙන් ජය පතනවා!!!!!


798MB putlocker ඩිරෙක්ට්
800MB ganool ඩිරෙක්ට්
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!