Friday, November 15, 2013


බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරගෙනයි මම නැවතත් ඔයාලා හමුවෙන්න එන්නේ.ප්‍රසිද්ධ නළු නිලියෝ කිහිප දෙනෙක්ම මේ ෆිල්ම් එකේ රඟනවා,Danny Trejo [Machete (2010)],ඔස්කාර් සම්මානලාභී Mel Gibson [Braveheart (1995)],Demian Bichir [The Heat(2013)],Amber Heard [Drive Angry (2011)],Michelle Rodriguez [Fast & Furious 6 (2013)],Sofía Vergara [The Three Stooges (2012)]..ඔන්න ඔහොමයි ඉන්න සෙට් ඒක.Robert Rodriguez තමයි අධ්‍යක්‍ෂණයෙන් දායක වෙලා තියෙන්නේ, Action | Crime | Thriller ෆිල්ම් එකක්..හරි මම දැන් කතාව පැත්තට හැරෙන්නම්. මැචේටී කියන්නේ මුලින් මෙක්සිකානු පුරවැසිභාවය හිමි ඝාතකයෙක්..නමුත් ඇමරිකාවේ ජනාධිපතිවරයා විසින් ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමා ප්‍රදේශයේ මාකෝස් මැන්ඩේස් නායකත්වය දරණ කාටෙල් මැර කල්ලිය විසින් ඇමෙරිකාවට විරුද්ධව කෙරෙන ක්‍රියා කලාපය මැඩ පැවැත්වීම සඳහා මැචේටීට ඇමෙරිකා පුරවැසිභාවය ලබා දීලා ක්‍රියාන්විතයක් භාර දෙනවා.කාටෙල් කල්ලිය විසින් ඇමෙරිකාවේ වොෂින්ටනය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන්න තමයි ඔවුන්ගේ අවසාන සැලැස්ම, කොහොම හරි මේ මෙහෙයුම මැචේටී බාර ගන්නම වෙනවා.ඒ ඔහු කලින් කරලා තියෙන අපරාධ නිසා ඔහුට එරෙහිව නිතීය ක්‍රියාත්මක කරන නිසා,ඔහු සැන් අන්තෝනියෝ සහ සේරෙසා කියන සුරුපිනියන්ගේ ආධාර ඇතිව මැන්ඩේස් වෙත යනවා,නමුත් ඔහුව මරන්න විදියක් නැහැ,මොකද මේ මිසයිලය මැන්ඩේස්ගේ හදවතට සම්බන්ධ කරලා තියෙන්නේ,ඔහුගේ හදවත නැවතුනා කියන්නේ,මිසයිලය වොෂින්ටනය දෙසට එල්ල වෙනවා.ඉතින් මැචේටීට සිදුවෙනවා ඔහුව පණපිටින් නැවත ඇමෙරිකාව අරන් එන්න. ලුතර් වොස්(Mel Gibson) කියන්නේ ලෝකයට අවිආයුධ සපයන ආයතනයක ලොක්කෙක්..අන්තිමට බැලුවහම මෙයා තමයි මේ ඔක්කොටොම වග කියන්න ඕනේ. ජාන තාක්ෂණය සුපිරි සොල්දාදුවන් නිර්මාණය කරනවා..සුපිරි කියන්නේ සුපිරිම තමයි..ඔහු තමයි මාකෝස් මැන්ඩේස් ව නිර්මාණය කරලා තියෙන්නෙත්.ඒ කියන්නේ මේක ඔහුගේ දීර්ඝකාලින සැලසුමක්.ඔහු මුළු ලෝකයේම බලය අල්ලා ගන්න කරන ලද සැලැස්මක්.ඇති නේද කිව්වා..මැචේටී මිසයිල ප්‍රහාරය නවත්තන්න මොනවා කරයිද? ලුතර්ට මොකද වෙන්නේ,මේකට ඇමෙරිකා ජනාධිපතිගේ සම්බන්ධය මොකක්ද?? මේ ඔක්කොම දැන ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.එහෙනම් දැනට සමු ගන්නම්,හැමෝටම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා!!!!!


675MB ඩිරෙක්ට් ලින්කුව මෙතැනින්.
සිංහල උපසිරැසි මෙතැනින්.
Comments
1 Comments
Facebook Comments by Tricks Lanka

1 comment:

Subscribe to RSS Feed Follow me on Twitter!