Wednesday, August 6, 2014




හැම කෙල්ලෙක්ම මුළු හදින්ම ප්‍රාර්ථනා කරන්නේ තමන්ට පණ වගේ පිස්සුවෙන් ආදරේ කරන තාත්තා කෙනෙක් වගේ බලා ගන්න පෙම්වතෙක්. තමන්ගේ සොඳුරියගේ නෙත් මායිමට වත් කඳුලක් ගෙන්න ලොබකම් කරන සංසාර ගත පෙම්වතෙක්. පුංචිම පුංචි වෙනසක් පවා හඳුනා ගන්නා, හුස්ම ගන්නා සෑම වාරයක් පාසාම ඒ ආදරය දැනෙන ඒ ආදරය හැඟෙන සොඳුරු ආත්මයක්.
අපේ හසන්ත අයියා පටන් ගත්ත මේ සලරුව අවසාන කරන්න උණේ මට ඉතිං. මොකද එයා ගොඩාක් කාර්‍යබහුල වෙලා නොවැ. පසුගිය ආදර වන්තයන්ගේ දිනයේදී නිකුත් වූ මේ ආදර අන්දරය මේ වෙනකොට IMDb එකේ 6.3 ක අගයක් ලබා ගෙන තියෙනවා.
කතාව ගැන දොඩමළු වෙනවා නම් ජේඩ් කියන්නේ පියා දොස්තර කෙනෙක් වෙන පවුලක ලස්සණ කෙල්ලෙක්. අම්මා ගත් කතුවරියක්. එක සහෝදරයෙක් පිළිකාවක් හැදිලා මිය ගිහින්, එයාලා ඒ වියෝව වෙනුවෙන් තවමත් දුක් වෙනවා. කීත් කියන්නේ අනිත් සහෝදරයා. පෙම්වතා තමයි ඩේවිඩ් කියන්නේ. එයා සල්ලිකාර පවුලක කෙනෙක් නෙමේ. අම්මා දාලා ගිහිල්ලා. තාත්තා තමයි ඩේවිඩ්ව බලා ගන්නේ. ජේඩ් සහ ඩේවිඩ් එකම පාසලක තමයි ඉගෙණ ගත්තේ, ඊට පස්සේ ජේඩ් වත් දොස්තර කෙනෙක් කරන්න තමයි එයාගේ තාත්තට ඕනේ කරන්නේ. එයා ඒ වෙනුවෙන් සුදානම් වෙනවා. ජේඩ් ගේ ගෙදර සාදයක් තියෙන අතරේ තමයි මේ ආදරය ඇති වෙන්නේ. නමුත් ඩේවිඩ් ජේඩ් ගැන දහය වසරේ ඉදන් බලන් ඉදලා තියෙනවා. මේ ආදරය මේ විදියට පටන් ගත්තත් තාත්තා එක හෙලාම විරුද්ධ වෙනවා, මොකද ඩේවිඩ් ජේඩ් ගේ තත්වයට ගැලපෙන්නේ නැහැ කියලා.
මේ අතරේ ජේඩ් ගේ තාත්තගේ අනියම් සම්බන්ධයක් ඩේවිඩ් ගේ අතටම අහු වෙනවා. ඉතිං මේ දෙන්නා අතර ගොඩක් මත ගැටුම් ඇති වෙනවා. ඩේවිඩ් ජේඩ් ගේ ආදරය රැක ගන්න නොකරන දෙයක් නැහැ. නමුත් ජේඩ් ට තාත්තා කියන දේවල් අහන් ඉන්න වෙනවා, මේ සම්බන්ධය නවත්තන්න බැරිම තැන ගෙවල් පවා අතැරලා යනවා…ඔයාලා හිතනවද ඒත් මේ ආදරය බිඳින්න පුළුවන් වෙයි කියලා.
සැනසෙන්න සනසන්න ආදරයෙන් ලඟින් ඉන්න.. සත් සමුදුරෙන් මෙහාට සිහිනයෙන් හෝ ඇවිත් යන්න.. පවසන්න අහගන්න පෙම්බස් තෙපලන්න.. සීතලට තුරුළු වෙන්න සියොලඟ දැවටෙන්න.. පවනක් වී ඔබ එන්න…. කිතිකැවුන කිතිකැව්ව හද පතුලේ තෙපිච්ච.. ආදරය පවසන්න.. රෑ අහසේ තරුවක්ව පායලා ඔබ එන්න..
ආදරය හඳුනා ගත්තු, තවමත් ඒ ආදරය සොයා යන සහ ආදරයෙන් පරාජය වූ අපේ සොඳුරු අඩවියට දිනපතා ගොඩවදින අපේ යහළු යෙහෙලියන් හැමෝටම බලන්න කියලා ජේඩ් සහ ඩේවිඩ් ආරාධනා කරයි…….



0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!