Saturday, August 2, 2014



සලරුව ගැන පොඩ්ඩක් කියනවා නම් නිකුත් වුණේ පසුගිය මැයි 2 වෙනිදා. IMDb එකට අනුව මේ වෙනකොට 7.4 ක් ලැබිලා තියෙනවා. හැරී කියන්නේ නොර්මන් ඔස්බෝර්න් ගේ පුතා. ඔහුටත් ඔහුගේ තාත්තට වගේ මැරෙන්න වෙලා තියෙන්නේ, ඒ නිසා ඔහු එකට පිලියමක් හොයා ගන්නවා. ඔහු හිතනවා ස්පයිඩර් මෑන් ට මකුළුවක් දෂ්ඨ කරලා මේ බලය ලැබිලා තියෙන්නේ කියලා, ඒ කියන්නේ තමන්ටම තුවාල සුව කරගැනීමේ හැකියාව ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔහුට ස්පයිඩර් මෑන්ගේ ලේ ඕනේ කරනවා. මේ අතරේ මැක්ස් ඩිලන් කියන විදුලි ඉංජිනේරුවා හදිසි අනතුරකට ලක් වෙලා සුපිරි බලයක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ තමයි ඉලෙක්ට්‍රෝ. හැරී මෙයාගේ සහය අරගෙන තමයි ස්පයිඩර් මෑන් ව අල්ලා ගන්න හදන්නේ. ඒ වගේම පීටර් ගේ පෙම්වතිය වුන ග්වෙන් ද මේ ඇබැද්දියෙන් බේරෙන්න පීටර් ට උදව් කරනවා. ඔය ඇති නෙහ්..ඔයාලම බලන්න.
අවසාන වශයෙන් කිව යුතුමයි මම මෙතෙක් කරගෙන ආපු දේ ගැන මට අවංකවම සතුටුයි. අපි ලඟ තියන දැනුම තවත් කෙනෙකුට දෙන්න පුලුවන් නම්, ඒ දැනුමෙන් කෙනෙකුගේ විඩාවට පත් වූ සිතට සතුටක් ගෙනදී සහනයක් වෙන්න හැකි නම්. එයයි වඩාත්ම වටින්නෙ. ඉතින් එයින් ලැබෙන ආත්ම තෘප්තිය මම වගේම අපේ අනෙකුත් සහෘද උපසිරැසි නිර්මාණකරුවනුත් අත් විඳල ඇති විඳිනවා ඇති කියලා මම දන්නවා. මේ කාර්යය සාර්ථකව කිරීමට මා හට නිරතුරුව දිරිදුන් එකී මෙකී නොකී ඔබ සැමට මගේ හදපිරි ප්‍රණාමය.

 සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න. 

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!