Friday, August 15, 2014


ඔන්න තවත් හින්දි පුර්ව ප්‍රචාරක පටයක් අරන් එන්නයි මේ හදන්නේ, මේක නිකුත් වෙලා තාම පැය 24 ක් වත් ගත වුණේ නැහැ. දන්නවනේ මොකක්ද කියලා මේ වසරේ ඉන්දීය සුපිරි තරුව ෂාරුක් ඛාන් රඟන සිත්තම. ඊට අමතරව තවත් සුපිරි නළු නිළියන් වන දීපිකා පදුකෝන්, අභිෂේක් බච්චන් සහ බෝමන් ඉරානී යන අයත් ඉන්නවා. මේක නිකුත් වෙන්න තියෙන්නේ නම් ඔක්තෝම්බර් 23 වැනිදා. ඇක්ෂන් කොමඩි විදියට තමයි වර්ග කරලා තියෙන්නේ.
 
Om Shanti Om (2007), Main Hoon Na (2004), Kal Ho Naa Ho (2003) වැනි සුපිරි ජනප්‍රියතාවයට පත් වූ සලරූ වලට දායකත්වය දැක්වූ  Farah Khan ගේ අධ්‍යක්‍ෂණයක්. මම නම් හිතන්නේ මේක බොලිවුඩයේ වසරේ සිත්තම වේවි කියලා. මොකද මේ මේ වෙනකොටත් ලැබිලා තියෙන ප්‍රතිචාර දිහා බැලුවාම එහෙම නොහිතුවොත් තමයි වැරැද්ද. මේ ට්‍රේලර් එක බැලුවාම නම් අනිත් ෆිල්ම් වගේ නෙමේ සම්පුර්ණ කතාවම තේරුම් ගන්න පුළුවන් ඔන්න. එහෙනම් බලල කියන්නකෝ කොහොමද කියලා. අපි ගියා එහෙනම්.



Comments
1 Comments
Facebook Comments by Tricks Lanka

1 comment:

Subscribe to RSS Feed Follow me on Twitter!