Monday, August 18, 2014


කොහොමද ඉතින් කට්ටිය. ඔන්න ටික දවසකට පස්සේ හින්දි සලරුවක් අරගෙන එන්නයි මේ හදන්නේ. දන්නවනේ ඉතිං පින්තූරේ දැක්ක ගමන් මේ මොකක්ද කියලා, හැමෝම වගේ බලාගෙන හිටිය එකක්. බඩ අල්ලාගෙන හිනා වෙන්න ඇහැකි එකක්..මේක නිකුත් වෙලා තියෙන්නේ ජූනි 20 වැනිදා. ඔයාලා ආසාවෙන් බලපු Housefull (2010), Housefull 2 (2012) කරපු Sajid Khan ගේ වැඩක් තමයි මේකත්. එහෙනම් ඉතින් කියන්න දෙයක් නැහැනේ. නේද? රංගන දායකත්වය ගැන කියනවා නම් Saif Ali Khan, Ritesh Deshmukh, Bipasha Basu, Tamannaah Bhatia, Esha Gupta තමයි ඉන්නේ. ඒ අය ගැන වෙන වෙනම ඔයාලට කියන්න අවශ්‍ය නැහැනේ. බලන්නකෝ පොඩ්ඩක් IMDb එකේ මේ සිත්තමට ලැබිලා තියෙන්නේ 2.2 ක අගයක්.  අනේ මංදා එහෙම වෙන්නේ කොහොමද කියලා. හොඳම නැති ෆිල්ම් අතරින් 39 වැනි තැන කියන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් මටත් කියන්න. :) :) :)
කතාව ගැන කියනවා නම් අශෝක් සහ කුමාර් කියන්නේ දෙක වසරේ ඉඳලා හොඳම යාළුවෝ දෙන්නෙක්. අශෝක් දේ තාත්තට තමයි සිංගානියා සමුහ ව්‍යාපාරයේ අයිතිය තියෙන්නේ, තාත්තා ට කෝමා එකක් හැදෙන නිසා අශෝක් තමයි තාවකාලිකව පාලනය කරන්නේ. මෙයාගේ මාමාත් මෙතන වැඩ කරනවා. මාමට ඕනේ වෙලා තියෙන්නේ මේ ව්‍යාපරා ඔක්කොම අල්ලා ගන්න. ඒ වෙනුවෙන් එයාට මිනිස්සු පිස්සු වට්ටන බෙහෙතක් ලැබෙනවා. ඒක අශෝක් සහ කුමාර් දෙන්නටම බොන්න දෙනවා. අන්තිමට මේ දෙන්නට පිස්සු හැදෙන නිසා පිස්සන් කොටුවට දානවා. එතනත් මරු මරු සීන් වෙනවා. මේ ලෝකේ එක පුද්ගලයෙකුට ඒ වගේ තව හත්දෙනෙක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා නේ. අන්න ඒ වගේ දෙයක් මෙතනත් වෙනවා, හත්දෙනෙක් නම් නෙමේ තුන්දෙනෙක් ඉන්නවා. මේ ඔක්කොම කට්ටිය පැටලෙනවා. ෆිල්ම් එකේ අන්තිම හරියට එනකොට ඇත්තටම මටත් පිස්සු වගේ උණා. මොකද කට්ටිය මාරු වෙලා. :P :P :P
එහෙනම් ඔයාලා බලල පොඩ්ඩක් හිනා වෙලා සතුටිං ඉන්න බලන්න. මේ ෆිල්ම් එකේ සිංදු ටික මම කලින් කරලා තිබුණු නිසා තමයි මේ තරම් වත් ඉක්මණට දෙන්න පුළුවන් උණේ, මම සිංහල සබ් දාපු පුර්ව ප්‍රචාරක පටය තමයි දීලා තියෙන්නෙත්. මම මෙතෙක් කාලෙකට කරපු වැඩිම සබ් ලයින් ගාන මේකේ තිබුන නිසා දැන්මම දෙන්න වෙන්නේ නැහැ. හරි තවත් එකකින් ඉක්මණටම මුණගැහෙමු නෙහ්. හැමෝටම ජය පතනවා. සුබ දවසක්!!!


සිංහල උපසිරැසි මෙතැනින් ගන්න.

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!