Monday, August 18, 2014

ඔන්න මමත් සමීර අයියගේ වැඩේට සෙට් උනා. මම කවුද කියලා බලනවා ඇති නේද  මම "ගයාන් රූකාන්ත (ජෝනා)"
නිකන් හිටපු එකේ මමත් ඔන්න මේ වසරේ අගෝස්තු 22 එන්න තියන රානි මුඛර්ජි රගපාන අලුත්
ෆිල්ම් එහෙක ට්‍රේල් එකකට සිංහල දාලා ගෙනාවා බලන්න,ෆිලුම ගැනත් පොඩ්ඩක් කියන්න එපැයි නේද..?

Mardaani (පුරුෂාකාර)

තිරයට එන දිනය-: 2014 අගෝස්තු 22. 

රංගනය-: Rani Mukerji
              Jisshu Sengupta
              Tahir Bhasin
              Priyanka Sharma

අධ්‍යක්ෂනය-: Pradeep Sarkar

නිෂ්පාදනය-:Aditya Chopra (Yash Raj Films)

ෆිලුමේ තේමාව ගැන පොඩ්ඩක් කියන්නම්කො.

ෂිවානි ශිවාජි රෝයි(රානි මුඛර්ජි) කියන්නේ මුම්බායි පොලිසියේ ජෙෂ්ඨ පොලිස් පරීක්ෂක වරියක්.
ප්යාරි කියන්නේ ශිවානිට ඇයගේ දුව වගේ ගෑනු ළමයෙක් මෙයාව ජාවාරම් කරුවන් විසින්
පැහැරගෙන යනවා ලිංගික වෙළදාමට, පස්සේ පිස්සුවෙන් වගේ ඒ ගැන හොයන ෂිවානිට ජාවාරම්
කල්ලියේ ලොක්කා කතාකරලා කියනවා  ඔහුව හොයන එක නතර කරන්න මොනවද ඕනේ කියලා
ඔහු කියනවා ප්යාරි ආපහු දෙන්න කියලා ඔහු එක ප්‍රතික්ෂේප කරනවා,පස්සේ එකට පිළිතුරක් විදිහට ෂිවානි කියන්නේ
උබ මොකා උනත් මම දවස් 30 ක් ඇතුලත උබව අල්ල ගන්නවා කියලා....ෂිවානිට ඔහුව අල්ලගන්න හැකිවෙයිද නැද්ද කියලා
බලන්න නම් මේ මාසේ 22 වෙනකන් ඉන්න වෙනවා...තවත් පොස්ට් එකක් හමුවෙනකන් සැමටම ජය.!!   :)   :)

   










 

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!